IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කොටස් වෙළෙදපොළ දර්ශක නැවත වටයකින් දුර්වල තැනකට

අලුත් ගනුදෙනු සතියක් ආරම්භ කරන ලද කොළඹ කොටස් වෙළෙදපොළ එක දිනක් තුළ මෑත කාලයේ ඉහළම අගයකින් සියලු කොටස් මිල පිරිහීම (ඊයේ ජුනි 23) වාර්තා කළේය. ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,765.40 ක් වු අතර එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 322.55 ක පිරිහීමකි. මෙම වසරේ පෙබරවාරි 05 වැනි දා දිනක් තුළ වැඩිම පසුබැසීම වශයෙන් ඒකක 500.10 ක් පහත වැටුණ අතර එයින් ඉනික්බිතිව සිදු වූ ඉතා අවදානම් සහගත බිඳ වැටීමක් බව දැක්වේ. කෙසේ වෙතත් ඊයේ ගනුදෙනු අවසන් වන විට පෙබරවාරි මුල් සතියේ තිබුණ සියලු කොටස් මිල දර්ශකයට ආසන්න තැනකට පත්ව තිබීම ද විශේෂත්වයකි.

ගනුදෙනුවල දී මධ්‍යස්ථ පිරිවැටුමක් වාර්තා කළ අතර ගනුදෙනු ප්‍රමාණය ද සාමාන්‍යයෙන් ඉහළ තත්වයක පැවැතිණ. ජාත්‍යන්තරයේ පවතින අවිනිශ්චිතතා සලකා බලන ආයෝජකයන් සිය කොටස් කෙරෙහි පරෙස්සම්වන බව උපකල්පනය කළ හැකිය. කෙසේ වෙතත් සමාගම් ගණනාවක කොටස් අනපේක්ෂිත ලෙස අඩුවීම පදනම් කරගෙන මිල දී ගැනීමට ද අවස්ථාව විවෘත කර තිබේ. එය අද දිනයේ කොටස් වෙළෙදපොළ හැසිරීම හුවා දක්වනු ඇතැයි සැලකේ.

එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,991.18 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 108.10 වර්ධනයක් සේ වාර්තා වේ. දෛනික පිරිවැටුම රු. මිලියන 2,492.68 ක් විය. කොටස් මිලියන 193.8 ක් හුවමාරු වූ බව දැක්වේ. මෙදින වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 24,449 කි. සමාගම් 48 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 212 කි. 

විදේශීය ගනුදෙනු සක්‍රීයව තිබුණ අතර මිලදී ගැනීමේ ප්‍රවණතාවක් විය. මිල දී ගැනීම් රු. මිලියන 166.7 ක් වූ අතර විකිණීම් රු. මිලියන 97.4 කි. 

හැටන් නැෂනල් බැංකුව රු. මිලියන 169 ක්, සම්පත් රු. මිලියන 166 ක්, ඊස්ට් වෙස්ට් රු. මිලියන 131 ක්, ඇක්සස් ඉන්ජිනියරිං රු. මිලියන 107 ක් ජෝන් කීල්ස් රු. මිලියන 97 ක්, කෝල්ඩ් ස්ටෝර්ස් රු. මිලියන 80 ක්, කොමර්ෂල් බැංකුව රු. මිලියන 70 ක්, බ්‍රවුන් ඉන්වෙස්ට්මන් රු. මිලියන 70 ක්, ලංකා ඉන්දියන් ඔයිල් රු. මිලියන 59 ක්, සෙලින්කෝ ඉන්ෂුවරන්ස් රු. මිලියන 59 ක්,එල්.ඕ.එල්.සී. හෝල්ඩිං රු. මිලියන 51 ක්, කොමර්ෂල් ලීසිං රු. මිලියන 49 ක් සහ පෑන් ඒෂියා රු. මිලියන 40 වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්විය.

නිරීක්ෂක



අදහස් (0)

කොටස් වෙළෙදපොළ දර්ශක නැවත වටයකින් දුර්වල තැනකට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 541 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 273 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site