IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඉදිකිරීම් කර්මාන්තයට ‘මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්රෝඩ’

කල්පැවැත්ම සහ නිරවද්‍යතාව යනු ව්‍යාපෘතියක සාර්ථකත්වය තීරණය කරන මිනුම් දඬු දෙකක් නම්, එම නිවැරදි මිනුම් දඬු තේරීම්, නිසියාකාරව සිදුකිරීම ඉතා වැදගත් වේ. දශක දෙකක විශිෂ්ටත්වයකට උරුමකම් කියමින්, කීර්තිමත් වෙළෙඳ සන්නාමයක් වන මෙල්වා, ලාංකීය ඉදිකිරීම් සහ කර්මාන්ත වෙළෙඳපොළට සිය නවතම නිෂ්පාදනයක් වන ‘මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට් රෝඩී’ හඳුන්වා දෙනු ලැබේ. 

2002 දී ආරම්භ කරන ලද මෙල්වා සමූහය අද වනවිට, ලාංකීය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වඩාත්ම කතාබහට ලක්වන ප්‍රමුඛතමයා බවට පත්ව ඇත. ලංකාවේ විශාලතම වානේ නිෂ්පාදකයා ලෙස, මෙල්වා, මෙරට යටිතල පහසුකම් නිර්මාණය කිරීමෙහිලා වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත. දේශීයව මෙන්ම අසල්වැසි විදේශීය රටවලටද මහාමාර්ග, පාලම්, මහල් නිවාස සංකීර්ණ සහ වාණිජ ගොඩනැගිලි නිර්මාණය සඳහා ප්‍රධාන දායකත්වය ලබා දෙන වානේ සැපයුම්කරුවෙක් වෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස, මෙල්වා නිෂ්පාදනවල ගුණාත්මකභාවය, විශ්වසනීයත්වය සහ නවෝත්පාදන හැකියාව සඳහා වූ කීර්තිමත් නාමය අද වන විට, වානේ නිෂ්පාදනවලට පමණක් සීමා වී නොමැත. වර්තමානයේ ‘මෙල්වා’ සන්නාමය ඉදිකිරීම් විසඳුම්වලින් ඔබ්බට පුළුල්ව ව්‍යාප්ත වී ඇත.

මෙල්වා සිය නවතම නිෂ්පාදනය, ‘මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට් රෝඩ’ වෙළෙඳපොළට හඳුන්වා දෙමින්, ලංකාවේ ඉදිකිරීම් සහ ලෝහ නිෂ්පාදන කර්මාන්ත අවශ්‍යතා, එකම වහලක් යටින් ලබාගත හැකි වන පරිදි මෙල්වා, සිය භූමිකාව තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ඇත.

නවීන තාක්ෂණය ඔස්සේ යමින්, මෙල්වා නිෂ්පාදන කර්මාන්ත ශාලාව ගම්පහ - සීදුව හි පිහිටා ඇත. වත්මන් තරගකාරී වෙළෙඳපොළේ විශ්වාසනීය වෙල්ඩින් විසඳුමක් සඳහා ඇති ඉල්ලු‍ම කවරදාටත් වඩා වැඩි වී ඇත. සිය වෘත්තියෙහි වෙහෙසෙමින් දිගු වේලාවක් වැඩ කරන පෑස්සුම් ශිල්පීන්, ලෝහ භාණ්ඩ නිර්මාණකරුවන් සහ කොන්ත්‍රාත්කරුවන් වැනි වෘත්තිකයන්ට එහි ගුණාත්මකභාවය පිළිබඳව මුහුණදීමට සිදුවන ප්‍රායෝගික ගැටලු‍ සම්බන්ධව මෙල්වා අපට මනා අවබෝධයක් ඇත. 

නිෂ්පාදන කටයුතු හෝ වෙනත් වානේ වෑල්ඩින් අවශ්‍යතා සඳහා මෙල්වා ඉලෙක්ට් රෝඩ පහසුවෙන් භාවිත කළ හැක. එහි ඇති අවම ලෝබොර, අවම දුම් විමෝචනය සහ විශිෂ්ට බලශක්ති කාර්යක්ෂමතාව නිසා, පිරිසුදු සහ නිරවද්‍ය වෑල්ඩින් සේවා ලබා දීමට හැක. තවද, වෙළෙඳපොළ අවශ්‍යතාවට සරිලන පරිදි, නොම්මමර 08, 10 සහ 12 යන, මිනුම් ප්‍රමාණවලින්, මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට් රෝඩ මිල දී ගැනීමට හැක. 

කුඩා පරිමාණ වැඩපොළවල සිට මහා පරිමාණ ව්‍යාපෘති දක්වා වූ, සියලු‍ අවශ්‍යතා සඳහා වෙල්ඩින් ඉලෙක්ට් රෝඩ මෙල්වා සතුව ඇත. පුරා දශක දෙකකට වැඩි කාලයක් වානේ නිෂ්පාදනයෙහි විශේෂඥතාව ඇති මෙල්වා, ලෝහ කර්මාන්තකරුවන්, පෑස්සුම් ශිල්පීන්, සහ කොන්ත්‍රාත්කරුවන්ට, ඔවුන්ගේ වෙල්ඩින් අවශ්‍යතා විශ්වාසනීයව සපුරා ගැනීමට පහසු පරිදි, ප්‍රමිතියෙන් උසස් නිෂ්පාදන සහිත දේශීය වෙළෙඳපොළ සූදානම් කරමින් පවතී.



අදහස් (0)

ඉදිකිරීම් කර්මාන්තයට ‘මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්රෝඩ’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 541 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 273 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site