තිරසාර සාමයකට පුටින් කැමතියි තිරසාර සාම වැඩපිළිවෙළකට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කැමැති බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ස්ටීව් විට්කෝෆ් පවසයි. 15 April 2025
පේරු රටේ ජාතික ශෝක කාලයක් පේරු ලේඛකයකු සහ නොබෙල් ත්‍යාගලාභියකු වන මාරියෝ වර්ගාස් ලෝසාගේ අභාවය හේතුවන්, පේරු රටේ ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇත. රාජ්‍ය ආයතනවල ජාතික කොඩි අඩකුඹු කිරීම ද සිදුවෙයි. 15 April 2025
ඇමෙරිකාව හෙල්ලෙයි රික්ටර් පරිමාණයේ ඒකක 5.2 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමිකම්පාකින් ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ, සැන් ඩියේගෝ නුවර සෙලවිණි. 15 April 2025
සිංගප්පූරු පාර්ලිමේන්තුව විසුරුවයි සිංගප්පූරු පාරිලිමේන්තුව විසුරුවා හැරියේය. ඒ අනුව, සිංගප්පූරු පාර්ලිමේන්තු මැතිවරණය මැයි 3 වැනිදා පැවැත් වෙන බව අග්‍රාමාත්‍ය ලොරෙන්ස් වොංග් නිවේදනය කළේය. 15 April 2025
දුප්පත් රටවලට බදු එපා කුඩා ආර්ථිකයක් හිමි දිළිඳු රටවලට පැනවූ බදු ඉවත් කරන්නැයි ඇමෙරිකන් වෙළෙඳ හා සංවර්ධන ඒජන්සිය, ට්‍රම්ප් පරිපාලනයෙන් ඉල්ලීමක් කර ඇත. 15 April 2025
ඇමෙරිකන් ඉරාන සාකච්ඡා සෙනසුරාදා ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් පැහැදිලි එකඟතාවක් ඇති කර ගැනීමේ අරමුණින් ඇමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡා මේ වනවිට ආරම්භ වී ඇත. 15 April 2025
උප ජනපති පාපන්දු කුසලානය කඩලා ඇමෙරිකන් ජාතික පාපන්දු ශූරතාව දිනූ ඔහියෝ ජනපද පාපන්දු කණ්ඩායම ධවල මන්දිරයට ගෙන්වා ඔවුන් ඇගයීමට ලක් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උප ජනාධිපති ජේඩී වැන්ස් කටයුතු කළහ. 15 April 2025
ගාසා අවසන් රෝහලටත් පහර දෙයි ඊශ්‍රායල ප්‍රහාරවලින්, ගාසා තීරයේ, අවසන් පුර්ණ ක්‍රියාකාරී රෝහල විනාශ විය. ඊශ්‍රායල හමුදා මෙම රෝහලට පහර දී ඇත්තේ, හමාස් ඉලක්ක හඳුනා ගනිමිනි. 15 April 2025
උඩ ගිය කාන්තාවෝ ආපසු එති ඓතිහාසික අභ්‍යාවකාශ සංචාරයක නිතර වූ ජනප්‍රිය පොප් ගායිකා කේටි පෙරී ඇතුළු 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම නිරුපද්‍රිතව මීට සුළු වේලාවකට පෙර යළි පෘථිවිය කරා පැමිණියේය. 15 April 2025
කාන්තාවෝ 6 ක් උඩ යන්නයි හදන්නේ බ්ලූ ඔරිජින් අභ්‍යවකාශ සමාගමේ, රොකට්ටුවක් සහ නිව් ෂෙපර්ඩ් ගගන කැල්සියුලයක ආධාරයෙන් කාන්තාවෝ හය දෙනෙක්, අභ්‍යවකාශයට ගොස් ආපසු පැමිණීමට සූදානමින් සිටිති. 14 April 2025
ට්‍රම්ප් නියෝජිතයා පුටින් හමුවෙයි ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් යුක්රේනයේ යුද්ධය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ ශාන්ත පීටර්ස්බර්ග්හිදී හමුවී ඇත. 13 April 2025
ටැන්සානියා මැතිවරණයට විපක්ෂය නැහැ අප්‍රිකා රාජ්‍යයක් වන ටැන්සානියාවේ, ජනාධිපතිවරණයත්, පාර්ලිමේන්තු මහ මැතිවරණයත් පැවැත්වීමට නියමිතව ඇති අතර, එරට මැතිවරණ කොමිසම නිවේදනය කර ඇත්තේ, ප්‍රධාන විපක්ෂයට මැතිවරණය සඳහා තරග කළ නොහැකි බවය. 13 April 2025
යුක්රේන නගරයකට රුසියන් මිසයිල ප්‍රහාර යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පැවැසුවේ, එම මිසයිල ප්‍රහාරයෙන්, යුක්රේන වැසියන් 31 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවය. 13 April 2025
ට්‍රම්ප්ගේ තීරු බද්දෙන් භාණ්ඩ කීපයක් නිදහස් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය, චීන භාණ්ඩ සඳහා පැනවූ සියයට 125 ක තීරුබදුවලින් භාණ්ඩ කීපයක් ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 13 April 2025
ඉරාන ඇමෙරිකන් සාකච්ඡා ඕමානයේ ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන්, ඇමෙරිකා රජයේ නියෝජිතයන් සහ ඉරාන රජයේ නියෝජිතයන් අතරේ හමුවක් ඕමානයේ මස්කට් නුවරදී පැවැත්වෙයි. 13 April 2025
මියන්මාරය යළි සෙලවෙයි මියන්මාරය යළිත් වරක් ප්‍රබල භූමිකම්පාවකින් කැලැඹිණි. මෙම භූමිකම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 5.6 ක් ලෙසටය. 13 April 2025
නිදහසේ නාන්න ට්‍රම්ප්ගෙන් විධායක නියෝගයක් නාන කාමරයට යන ඇමෙරිකානුවන්ට, පහසුවෙන් ස්නානය කළ හැකි ආකාරයේ විධායක නියෝගයකට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබීය. 12 April 2025
කොණ්ඩය කපලා අත්අඩංගුවේ ඇෆ්ගන් තලේබාන් රජයේ දලදඬු ෂරියා නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වෙනවාදැයි සොයා බලන, සදාචාරය සුරැකීම වෙනුවෙන් පෙනී සිටින පොලිස් නිලධාරීන්, තරුණයන් පිරිසක් සහ කරණවෑමීන් කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පැවැසෙයි. 11 April 2025
පැය 6 කින් ත්‍රිමාණ දුම්රිය ස්ථානයක් හදලා ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය (3D-printing) භාවිතයට ගනිමින්, පැය 6 කට වඩා අඩු කාලයකදී, දුම්රිය ස්ථානයක් එකලැස් කර අවසන් කිරීමට ජපන් ඉන්ජිනේරුවෝ පිරිසක් සමත් වූහ. 11 April 2025
හෙලිකොප්ටරයක් හඩ්සන් ගංගාවට කඩා වැටෙයි ඇමෙරිකාවේ නිව්යෝක් නුවර හඩ්සන් ගංගාවට හෙලිකොප්ටර් යානයක් කඩා වැටුණි. කඩා වැටුණේ සංචාරකයන් රැගෙන නිව්යෝක් නගරය පෙන්වන හෙලිකොප්ටර් යානයකි. 11 April 2025
චීනයේ වැඩිහිටි නිවාසයක ගින්නක් උතුරු චීනයේ, හෙබෙයි පළාතේ, චෙන්ග්-ඩේ නගරයේ වැඩිහිටි නිවාසයක ගින්නන් හටගත්තේය. ගින්නට හසුවීමෙන්, 20 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව වාර්තා වේ. 10 April 2025
රාත්‍රී සමාජ ශාලාවක වහලය කඩා වැටී 79 ක් මරුට කැරිබියානු රාජ්‍යයක් වන ඩොමිනිකන් ජනරජයේ, සැන්ටෝ ඩොමින්ගෝ අගනුවර රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවීමෙන් ගොඩනැගිල්ලේ වහලය කඩා වැටී 80 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 160 කි. 10 April 2025
ආසියානු කොටස් වෙළෙඳපොළ ඉහළට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, චීනය හැර සෙසු රටවල් සඳහා පැනැවූ තීරු බදු සඳහා දින 90 ක විරාමයක් ප්‍රකාශ කිරීමත් සමඟ ආසියා පැසිෆික් කොටස් වෙළෙඳපොළ අගය ඉශල යෑම ආරම්භ විය. 10 April 2025
ගර්භාෂ බද්ධයෙන් පසු සාර්ථක දරු උපතක් බ්‍රිතාන්‍යයේ සිදු කළ පළමු ගර්භාෂ බද්ධයෙන් පසු, උපත ලැබූ පළමු දැරිය ගැන විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 10 April 2025
ඇමෙරිකා එන්න: බදු ගහන්නේ නැහැ ඇමෙරිකාවට පැමිණ තම සමාගම් ආරම්භ කරන්නැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනග්ඩ් ට්‍රම්ප් විදෙස් සමාගම්වලින් ඉල්ලා ඇත. එසේ කරන්නේ නම්, ඒ සමාගම්වලට කිසිදු බදු මුදලක් ගෙවීමට සිදුනොවනු ඇතැයි ද ට්‍රම්ප් පැහැදිලි කර ඇත. 10 April 2025
පලස්තීනය පිළිගන්න මැක්රොන් සූදානම් පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමට තමන් සූදානම් බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසයි. මෙය පලස්තීන වැසියන්ගේ අයිතීන් සුරැකීමට හේතුවක් වනු ඇතැයි විදෙස් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. 10 April 2025
චීන ජාතිකයෝ 155 ක් යුක්රේන සටන් බිමේ චීන ජාතිකයන් 155 දෙනකු පමණ රුසියාවට සහාය පළ කරමින්, යුක්රේන හමුදා සමඟ සටන් වදින බව යුක්රේන බුද්ධි අංශ අනාවරණය කර ඇත. 10 April 2025
චාල්ස් රජු පාප්තුමා හමුවෙන්න ගිහිල්ලා ඉතාලියේ සිවුදින නිල සංචාරයක යෙදෙන තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින, වතිකානයේ දී ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් හමුවූහ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය පෞද්ගලික හමුවක් බවය. 10 April 2025
බොරතෙල් බැරලයක මිල පහළට ඇමෙරිකාවේ නව තීරු බදු හේතුවෙන්, බොරතෙල් බැරලයක මිල සියයට 6.68 කින් පහළ වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව, WTI බොරතෙල් බැරලයක මිල ඇමෙරිකන් ඩොලර් 55.60 දක්වා පහළ වැටී ඇති බව වාර්තා වෙයි. 10 April 2025
තීරුබදුවලට ට්‍රම්ප්ගෙන් විරාමයක් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහු විසින් ශ්‍රී ලංකාව ද ඇතුළු රටවල් රැසකට ප්‍රකාශයට පත් කළ තීරු බදු පැනවීම, දින 90 ක කාලයක් සඳහා අත්හිටුවා ඇත. 10 April 2025
ජනාධිපති ලේකම් කාර්යාලයේ ඩෙංගු මර්දන ශ්‍රමදානයක් ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද ශ්‍රමදාන වැඩසටහනක් අද (27) ක්‍රියාත්මක කෙරිණි... 27 June 2026