
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරිමේ අරමුණින්, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මුහුණට මුහුණ සාකච්ඡාවක් හෙට (15) ඇලස්කාවේ ඇන්කර්ජ් නුවරදී පැවැත්වෙයි.
ඇන්කර්ජ්යනු ඇලස්කාවේ වැඩිම ජනගහනයක් ඇති නගරයයි. ට්‍රම්ප් පුටින් හමුව පැවැත්වෙන්නේ, ඇන්කර්ජ් නගරයේ උතුරු මායිමේ පිහිටි එල්මෙන්ඩෝෆ්-රිචර්ඩ්සන් කඳවුරේය. ට්‍රම්ප් පුටින් හමුව නිමිත්තෙන් කඳවුරට විශේෂ ආරක්ෂාවක් ලබා දී ඇත.
ට්‍රම්ප් පුටින් හමුවට පෙර, හමුවට පෙර මඟ සකස් කිරීමක් ලෙස ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සහ රුසියන් විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් ප්‍රමුඛ දෙරටේ නියෝජිතයන් අතරේ හමුවක් පැවැත්විණි.
තමන් ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් හමුවීමට කැමැති බව රුසියන් ජනාධිපති පුටින් නිවේදනය කළේ හදිසියේය. ඒ අනුව, හමුව පැවැත්වීමට එල්මෙන්ඩෝෆ්-රිචර්ඩ්සන් කඳවුර තෝරා ගැනුණි. එල්මෙන්ඩෝෆ්-රිචර්ඩ්සන් යනු ඇලස්කාවේ විශාලතම හමුදා කඳවුරය. මෙය ඇමෙරිකන් හමුදා කඳවුරකි. කඳවුර අක්කර 64,000ක භූමි ප්‍රදේශයක් පුරා පැතිරී පවතී.
හිමෙන් වැසුණු කඳු, අයිස් විල් සහ ග්ලැසියර මෙම කඳවුර වටා පිහිටා ඇති අතර, ශීත ඍතුවේදී, කඳවුර ආශ්‍රිත උෂ්ණත්වය රින සෙල්සියස් අංශක 12 තෙක් අඩු වෙයි. මේ වනවිට මෙම කඳවුර ආශ්‍රිත උෂ්ණත්වය සෙල්සියස් අංශක 16 කි.
එල්මෙන්ඩෝෆ්-රිචර්ඩ්සන්හමුදා කඳවුර ඇමෙරිකාව විසින් පිහිටුවනු ලැබුවේ 1940වසරේදීය. ඒ, නිරවි යුද සමයේ ඇමෙරිකාවට සෝවියට් සමූහාණ්ඩුවෙන් තර්ජන එල්ල වෙද්දීය.උපායමාර්ගික පිහිටීම හේතුවෙන් මෙම කඳවුර ඇමෙරිකාව හමුදාවට අයත් වැදගත් හමුදා කඳවුරක් ලෙස සැලකෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd