සිංගප්පූරුවේ මුදල් අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්නන් නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ සිටී.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඉන්දු -සිංගප්පූරු අමාත්‍ය මණ්ඩල වටමේස සාකච්ඡාවල තෙවැනි වටයට සහභාගී වීමේ අරමුණින්, මුදල් අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්නන් මෙසේ ඉන්දියාවට පැමිණි බවය.

නවදිල්ලි අගනුවර පැවැත්වුණු එම සාකච්ඡා සඳහා ඉන්දීය මුදල් සහ ආයතනික කටයුතු අමාත්‍ය නිර්මලා සීතාරාමන්, විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර්, වාණිජ හා කර්මාන්ත අමාත්‍ය පියුෂ් ගෝයල්, සහ දුම්රිය, තොරතුරු හා විකාශන සහ ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය අශ්විනි වෛෂ්නව් ද සහභාගී වූහ.