
කංසා, ඉතා අඩු හානිකර ඖෂධයක් ලෙස නැවත වර්ගීකරණය කිරීම කෙරෙහි සලකා බලන බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත.
ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ඉදිරි සති කිහිපය ඇතුළත ගන්නා බව ද ට්‍රම්ප් පවසා ඇත. ට්‍රම්ප් මෙසේ පැවැසුවේ ධවල මන්දිරයේ පැවැත්වුණු ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
කෙසේ නමුත්, එය ඉතා සංකීර්ණ ක්‍රියාවක් බවත් කංසා පිළිබඳව ඇති වෛද්‍යමය භාවිතයට වඩා එහි ඇති අහිතකර තත්වය සම්බන්ධයෙන් තමන් වැඩිපුර අසා ඇති බවයි ඇමරිකානු ජනාධිපතිවරයා පැහැදිලි කර ඇත.
ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයෙන් පසු ඇමරිකානු කොටස් වෙළදපළේ කංසා ආශ්‍රිත ව්‍යාපාරවල කොටස් මිල ඉහළ ගොස් ඇතැයි ද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd