
යුද නීතිය ප්‍රකාශ කිරීමට ගොස්, විශ්වාසභංගයකින් ද පැරදී, ජනාධිපති ධුරය අහිමි වී සිරදඬුවම් විඳිමින් සිටින දකුණු කොරියාවේ හිටපු ජනාධිපති යූන් සුක් යොල්ගේ බිරිඳ කිම් කියොන් හෛයි අත්අඩංගුවට ගැණුනු බවත්, අධිකරණයට යොමු කිරීමෙන් පසුඇය රැඳවුම් භාරයට පත් කෙරුණු බවත් වාර්තා වේ.
කිම් කියොන් හෛයි අත්අඩංගුවට ගැණුනේ, කොටස් මිල හැසිරවීම සහ අල්ලස් ගැනීම ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙනි. පැය හතරක කාලයක් පැවැති නඩු විභාගයේ දී එල්ල වන සියලු චෝදනා කිම් කියොන් හෛයි ප්‍රතික්ෂේප කළාය. ඇය සාක්ෂි විනාශ කිරීමේ අවදානම හේතුවෙන්, අධිකරණය ඇයට රැඳවුම් වරෙන්තුවක් නිකුත් කළේය.
කිම් කියොන් හෛයි දකුණු කොරියාවේ බී.එම්.ඩඩ්ලිව් අලෙවි නියෝජිත සමාගමක් වන ඩොයිට්ෂ් මෝටර්ස් සමාගමේ කොටස්වල මිල පාලන යෝජනා ක්‍රමයකට සනම්බන්ධ වී දකුණු කොරියානු වොන් මිලියන 800 කට වඩා උපයා ගත් බවට චෝදනා එල්ල වී ඇත.
ඊට අමතරව, ඉතා වටිනා අත්බෑග්, දියමන්ති මාලයක් අල්ලස් ලෙස ඇය ලබා ගෙන ඇතැයි ද පැවැසෙයි. මෙම චෝදනා කිම් කියොන් හෛයි පිළිගෙන ඇත.
2022 වසරේ පැවැත්වුණු පාර්ලිමේන්තු අතුරු මැතිවරණයේදී මෙන්ම, පසුගිය වසරේ පැවැත්වුණු මහ මැතිවරණයේදී ද අපේක්ෂක නාම යෝජනා සඳහා මැදිහත් වීම සම්බන්ධයෙන් ද හිටපු ජනාධිපති බිරිඳට චෝදනා එල්ල වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදි පිලිඅරගෙන තියනවා නම් ඉතින් මොකද කරන්නේ