ඉන්දීය ආර්ථිකය ලොව සිවුවැනි තැනට ජපානය අභිබවමින්, ඉන්දියාව ලොව සිවුවැනි විශාලතම ආර්ථිකය හිමි රට බවට පත් වී ඇත. ඒ, මෙම 2025 වසරේ, ඇමෙරිකන් ඩොලර් ටි්රලියන 4.187ක ආදායමක් උපයමිනි. 26 May 2025
ඇමෙරිකාවේ වෙඩි තැබීමක් ඇමෙරිකාවේ, දකුණු කැරෝලිනා ජනපදයේ වෙරළාශ්‍රිත නගරයක වෙඩි තැබීමක් සිදුවිය. වෙඩි තැබීමෙන් 11 දෙනකු තුවාල ලැබූ බවත් ඔවුන් කඩිනමින් රෝහල්ගත කළ බවත් පැවැසෙයි. 26 May 2025
පුටින් පිස්සෙක් - ට්‍රම්ප් කියයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ‘උම්මත්තකයකු’ යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් චෝදනා කරයි. 26 May 2025
රුසියන් යුක්රේන සිරකරු හුවමාරුවක් යුක්රේනය සහ රුසියාව අතරේ, සිරකරු හුවමාරුවක් සිදුවිය. සිරකරුවන් 390 දෙනකු හුවමාරු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඉදිරි දින කීපයේ දී තවත් සිරකරුවන් 600 දෙනකු පමණ හුවමාරු කර ගැනීමට නියමිත බව ද පැවැසෙයි. 25 May 2025
ලයිබීරියා බඩු නැවක් ඉන්දීය සාගරයේ පෙරළිලා ලයිබීරියාවේ ධජය සහිත බහාලුම් නෞකාවක් ඉන්දියාවේ විජින්ජාම් වරායෙන් පිටත් වීමෙන් පසු මුහුදේදී අනතුරට ලක් වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ, එම බහාලුම් නෞකාව පෙරැළීමට ලක්වුණු බවය. 25 May 2025
සිරියානු ජනාධිපති තුර්කි ජනාධිපති හමුවෙයි බෂාර් අල් අසාද්ගේ පාලනය පෙරළා දැමීමෙන් පසු සිරියාවේ පිහිටුවූ අන්තර්වාර රජයේ ජනාධිපති අහ්මද් අල්-ෂරා සහ තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් අතරේ හමුවක් තුර්කියේදී පැවැත්විණි. 25 May 2025
ඇමෙරිකා වෙළෙඳ ගිවිසුමක් ඇතිකර ගන්නවා ඇමෙරිකාව සමග කෙසේ හෝ වෙළඳ ගිවිසුමක් ඇති කර ගැනීමට තමන් කැපවී සිටින බව යුරෝපා සංගමය පවසයි. 25 May 2025
යුරෝපා සංගමයට බදු යුරෝපා සංගමයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 50 ක තීරුබදු පැනැවීමට තමන් සූදානම් බවත්, එලැඹෙන ජූනි පළමු වැනිදා සිට මෙම නව තීරුබදු පැනවීම ක්‍රියාත්මක ඇති බවත් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 25 May 2025
ට්‍රම්ප් නියෝගයට අධිකරණය හරස් වෙයි ඇමෙරිකාවේ පැරණිතම මෙන්ම, ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයක් ලෙස සැලකෙන හාවඩ් විශ්ව විද්‍යාලයට විදෙස් සිසුන් බඳවා ගැනීම අත්හිටුවීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දුන් නියෝගයට එරට ෆෙඩරල් අධිකරණයක් හරස් විය. ඒ, ඇමෙරිකන් ජනාධිපතිවරයාගේ නියෝගය තාවකාලිකව අත්හිටුවමිනි. 25 May 2025
ඇෆ්ගනිස්තානයෙනුත් පාකිස්තානයට කෙණෙහිළි තම ගංගා පාකිස්තානය හරහා ගලා බැසීම වළක්වමින්, වේලි ඉදි කිරීමට ඇෆ්ගන් තලේබාන් රජයේ සහාය තමන්ට හිමිවනු ඇතැයි බලුකිස්තාන බෙදුම්වාදී සංවිධාන, සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කරමින් පවසා ඇත. 23 May 2025
ගාසා වැසියෝ 29 ක් කුසගින්නේ මියගිහින් ගාසා තීරයේ පලස්තීනුවන් 29 දෙනකු කුසගින්නේ මියගිය බව පලස්තීන සෞඛ්‍ය බලධාරීහු පවසති. මියගිය 29 දෙනා අතර සිටින්නේ කුඩා දරුවන් සහ වයෝවෘද්ධ පුද්ගලයන්ය. 23 May 2025
විදෙස් සිසුන් බඳවා ගැනීම අත්හිටුවයි ඇමෙරිකාවේ පැරණිතම මෙන්ම, ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයක් ලෙස සැලකෙන හාවඩ් විශ්ව විද්‍යාලයට විදෙස් සිසුන් බඳවා ගැනීම අත්හිටුවීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත. 23 May 2025
ගාසා තීරයේ හමාස් විරෝධතා දකුණුදිග ගාසා තීරයේ පලස්තීන වැසියෝ ගාසා තීරය පාලනය කරන හමාස් සංවිධානයට එරෙහිව වීදි බැස විරෝධතා පවත්වන බව වාර්තා වේ. 22 May 2025
පලස්තීන බටහිර ඉවුරට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් පලස්තීනුවන් වාසය කරන බටහිර ඉවුරේ ජෙනින් නුවර පිහිටි සරණාගත කඳවුරකට ඊශ්‍රායලය මිසයිල ප්‍රහාර එල්ල කළේය. එම මිසයිල ප්‍රහාරය එල්ල වෙද්දී යුරෝපා සංගමයේත්, අරාබි සහ ආසියානු රටවලත් නියෝජිතයන් පිරිසක් සරණාගත කඳවුරේ නිරීක්ෂණ චාරිකාවකට එක් වී සිටියහ. 22 May 2025
ඇමෙරිකාවේ ඊශ්‍රායල නිලධාරීන් මරා දමලා ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර, යුදෙව් කෞතුකාගාරයක් ඉදිරිපිට දී ඇමෙරිකාවේ ඊශ්‍රායල තානාපති කාර්යාලයේ නිලධාරීන් දෙදෙනකු ඝාතනයට ලක් වුණු බව පැවැසෙයි. 22 May 2025
දකුණු අප්‍රිකා ජනපති ට්‍රම්ප් හමුවන්න ඇවිල්ලා පළුදු වූ හොඳහිත තරකර ගැනීමේ අරමුණින්, දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රැම්පෝසා, ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර ධවල මන්දිරයේ දී ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවිය. 22 May 2025
ට්‍රම්ප්ට තෑගි ලැබුණු යානය ආරක්ෂක දෙපාර්තමේන්තුවට කටාර් රජ පවුලෙන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට පිරිනැමුණු ඇමෙරිකන් ඩොලර් මිලියන 400 ක් වටිනා අති සුඛෝපබෝගී බෝයිං 747-8 වර්ගයේ මගී ගුවන් යානය ඇමෙරිකන් ආරක්ෂක දෙපාර්තමේන්තුවට ලැබී ඇත. 22 May 2025
නව කොවිඩ් ප්‍රභේදය දරුණුයි චීනය, හොංකොං, තායිලන්තය, සිංගප්පූරුව සහ අසල්වැසි ඉන්දියාව ආදී ආසියානු රටවල, ‘කොවිඩ් 19’ වයිරසයේ නව ප්‍රභේදයක් ව්‍යාප්ත වීමත් සමඟ, යළිත් වරක් ‘කොවිඩ් 19’ සම්බන්ධයෙන් ලොව පුරා භීතියක් හටගෙන ඇත. 22 May 2025
බුකර් සම්මානය බානු මුස්‍තාක්ට දකුණු ඉන්දීය ලේඛිකා බානු මුස්තාක්, මෙවර ජාත්‍යන්තර බුකර් සම්මානයෙන් පිදුම් ලැබුවාය. ඒ, ඇය කණ්ණඩ බසින් රචනා කරන ලද ‘හාට් ලෑම්ප්’ කෙටි කතා සංග්‍රහයේ ඉංග්‍රීසි පරිවර්තනය වෙනුවෙනි. 22 May 2025
බංග්ලාදේශ නිළි නුස්රාත් ෆරීයා අත්අඩංගුවට ශිෂ්‍ය විරෝධතා හමුවේ, බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ධුරය අතහැර, රටින් ද බලා ගිය අගමැතිනී ෂෙයික් හසිනාගේ චරිතය නිරූපණය කළ බංග්ලාදේශ නිළි නුස්රාත් ෆරීයා එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. ඒ, මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙනි. 22 May 2025
ට්‍රම්ප්ගෙන් ඇමෙරිකාවට මිසයිල ආරක්ෂක පද්ධතියක් ඇමෙරිකාවට නව මිසයිල ආරක්ෂක පද්ධතියක් අවශ්‍ය බව පෙන්වා දෙමින්, ‘ගෝල්ඩන් ඩෝම්’ නමැති නව මිසයිල ආරක්ෂක පද්ධතිය හඳුන්වා දීමට, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කළේය. 21 May 2025
ඇමසන් වනාන්තරයේ බන්ධනාගාරයක් හදනවා ඇමසන් වනාන්තරයේ, අධි ආරක්ෂිත බන්ධනාගාරයක් ඉදි කිරීමට ප්‍රංශය සූදානම් වෙයි. මෙම බන්ධනාගාරය ඉදි කෙරනු ඇත්තේ දකුණු ඇමෙරිකාවේ ප්‍රංශ ගියානාවේය. 21 May 2025
ආසියානු රටවල නව කොවිඩ් ප්‍රභේදයක් ආසියානු රටවල් කීපයක ‘කොවිඩ් 19’ හෙවත් කොරෝනා වයිරස ප්‍රභේදයක් ඉතා වේගයෙන් ව්‍යාප්තවීමට පටන්ගෙන ඇතැයි විදෙස් සෞඛ්‍ය බලධාරීහු බිය පළ කරති. 20 May 2025
ට්‍රම්ප්ගෙන් පුටින්ට ඇමතුමක් රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමේ අරමුණින්, ඇමෙරිකා ජනාධිපති ඩොකල්ඩ් ට්‍රම්ප් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ දුරකතන සංවාදයක් පැවැත්විණි. 20 May 2025
යුක්රේන ජනාධිපති නව පාප්තුමා හමුවෙයි අභිනවයෙන් පාප් ධුරයට තේරී පත්වුණු 14 වැනි ලියෝ පාප්තුමන්ගේ පදවි ප්රාප්ති දිව්‍ය පූජාව වතිකානයේදී පැවැත්වුණු අතර යුරෝපා රටවල රාජ්‍ය නායකයෝ ද ඊට සහභාගී වූහ. 19 May 2025
නව පාප්තුමාට ධීවරයාගේ මුදුව 14 වැනි ලියෝ පාප්තුමන්ගේ පදවි ප්රාප්ති දිව්‍ය පූජාව වතිකානයේදී පැවැත්වුණු අතර, එහිදී එතුමන්ට ‘ධීවරයාගේ මුදුව’ පිරිනැමුණි. පාප්තුමන්ගේ මුදුව යනු එක් එක් පාප්තුමාට විශේෂ වෙයි. පාප්තුමාගේ අභිමානය වන්නේත්, එතුමන්ගේ උත්තරීතර සංකේතය වන්නේත් මෙම මුදුවය. 19 May 2025
විද්‍යාඥයන්ට විශ්වයේ ඈතින් මිදුණු ජලය හමුවෙලා විශ්වයේ ඈතින් පිහිටි ‘තරුණ’ තාරකා පද්ධතියකින් මිදුණු ජලය සොයා ගත් බව නාසා විද්‍යාඥයෝ පවසති. පෘථිවිය අයත් අප අප සෞරග්‍රහ මණ්ඩලයට ඔබ්බෙන් විශ්වයේ ඈතින් මේ අයුරින් මිදුණු ජලය සොයා ගැනීමක් සිදුවූයේ පළමු වරට යැයි විද්‍යාඥයන් පවසන්නේ මහත් උනන්දුවකිනි. 19 May 2025
රුමේනියා මැතිවරණයේ ප්‍රතිඵල එයි යුරෝපා රටක් වන රුමේනියාවේ ජනාධිපතිවරණය පැවැත්විණි. ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේ එරට බුකාරෙස්ට් නගරාධිපති ලෙස කටයුතු කළ නිකුසෝර් ඩාන් ය. 19 May 2025
ජෝ බයිඩන්ට දරුණු පිළිකාවක් ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝ බයිඩන් දරුණු පුරස්ථි ග්‍රන්ථි පිළිකාවකින් පීඩා විඳින බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි. 19 May 2025
ඇමෙරිකාවේ වෛද්‍ය මධ්‍යස්ථානයක පිපිරීමක් ඇමෙරිකාවේ වෛද්‍ය මධ්‍යස්ථානයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. එරට එෆ්.බී.අයි. හෙවත් ෆෙඩරල් විමර්ශන කාර්යාංශය නිවේදනය කළේ එය ත්‍රස්ත ක්‍රියාවක් බවය. 18 May 2025
ජනාධිපති ලේකම් කාර්යාලයේ ඩෙංගු මර්දන ශ්‍රමදානයක් ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද ශ්‍රමදාන වැඩසටහනක් අද (27) ක්‍රියාත්මක කෙරිණි... 27 June 2026