වයිසරය ආසාදිතවූවන් වෙනුවෙන් පාප්තුමෝ යාච්ඥා කරති චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් මාරාන්තික කොරෝනා වයිරසයෙන් මියගිය සහ රෝගී වූ සියලු දෙනා වෙනුවෙන් යාඥා කරන බව අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ ප්‍රකාශ කළහ. 13 February 2020
‘වට්ස්ඇප්’ පරිශීලකයන් සංඛ්‍යාව බිලියන 2 ඉක්මවයි ලොව පුරා සිටින සිය පරිශීලකයන් සංඛ්‍යාව බිලියන 2 ඉක්මවාගොස් ඇතැයි ෆේස්බුක් සමාගමට අයත් ‘වට්ස්ඇප්’ පණිවුඩ හුවමාරු සේවාව නිවේදනය කළේය. 13 February 2020
බර්නි සැන්ඩර්ස් ඩිමොක්රටික් ජනපති සටනේ ඉදිරියට ඩිමොක්රටික් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරාගැනීමේ සටනේ මැන්චෙස්ටර්හි නිව් හැම්ප්ෂයර්හි පැවැති ඡන්ද විමසීමෙන් ජය ලැබීමට බර්නි සැන්ඩර්ස් සමත්ව ඇත. 12 February 2020
මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරුට වසර 6 ක සිර දඬුවමක් ඉන්දියාවේ මූල්‍ය අගනගරය වන මුම්බායි නුවරට එල්ල වූ මාරාන්තික ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකූ පුද්ගලයාට වසර හයක සිර දඬුවමක් නියම කර ඇත. 12 February 2020
තුර්කියට රුසියාවෙන් චෝදනාවක් සිරියාවේ ඉඩ්ලිබ් පළාතේ සිටින ත්රස්තවාදීන් මර්දනය කිරීමට තුර්කිය අසමත් වී ඇතැයි රුසියාව චෝදනා කරයි. 12 February 2020
ඕස්ට්‍රේලියාවේ සත්ත්ව විශේෂ 113 කට හදිසි තත්ත්වයක් ඕස්ට්‍රේලියාවේ සත්ත්ව විශේෂ 113 කට හදිසි උපකාර අවශ්‍ය වී ඇතැයි විශේෂඥ කමිටුවක් පෙන්වා දෙයි. 12 February 2020
යාත්‍රාවක් පෙරළී රෝහින්ග්‍යා සරණාගතයින් 14 ක් මරුට බංගලාදේශයේ දකුණු මුහුදු තීරයේදී යාත්‍රාවක් පෙරළී රෝහින්ග්‍යා සරණාගතයින් 14 දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. 11 February 2020
ට්‍රම්ප් අයවැය සැලසුම් හෙළිකරයි ලබන ඔක්තෝබර් මාසයෙන් ආරම්භ වන මූල්‍ය වර්ෂයට අදාළ අයවැය වියදම් පිළිබඳ අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය අනාවරණය කර තිබේ. 11 February 2020
නයිජීරියාවේ සංචාරක නැවතුම්පොළකට එල්ල වූ ප්‍රහාරයකින් 30 ක් මරුට නයිජීරියාවේ ඊසානදිග බෝර්නෝ පළාතේ ඉස්ලාම් සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් 30 දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. 10 February 2020
ඩැමැස්කම් - ඇලෙප්පෝ අතර නගර මාර්ගය සිරියානු හමුදා පාලනයට සති ගණනක් මුළුල්ලේ පැවැති ගැටුම්වලින් පසු ඩැමැස්කම් නුවර හා ඇලෙප්පෝ නගරය සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයක පාලනය සියතට ගැනීම සිරියානු රජයේ හමුදා සමත්ව ඇත. 10 February 2020
ඔස්කාර් උළෙලේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දකුණු කොරියාවට ආසියාවට වැඩි ගෞරව අත්කර දෙමින්, ඔස්කාර් සම්මාන උළෙලේ ඉතිහාසය වෙනස් කරමින් , 2020 ඔස්කාර් සම්මාන උළෙල ඉංග්‍රීසි භාෂා නොවන චිත්‍රපටයක් මෙවර හොඳම චිත්‍රපටය ලෙසින් සම්මාන හිමිකර ගත්තේය. 10 February 2020
චීනයේ ව්‍යාපාරික කටයුතු යළි ඇරැඹේ කොරෝනා වෛරසයෙන් උද්ගත වූ තත්ත්වය හමුවේ අත්හිටවූ චීනයේ ව්‍යාපාරික කටයුතු අද යළි අරඹා තිබේ. 10 February 2020
ලෝකයට ප්‍රමාණවත් තරම් මුඛ ආවරණ නෑ ලෝකයට ප්‍රමාණවත් තරම් මුඛ ආවරණ සහ අනෙකුත් ආරක්ෂිත උපකරණ නැතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. 09 February 2020
උගන්ඩාවේ ගෝරිල්ලන් සිව්දෙනෙක් අකුණු සැර වැදී මරුට උගන්ඩාවේ වාසය කරන දුර්ලභ කඳුකර ගෝරිල්ලන් සිව්දෙනකු අකුණු සැර වැදීම හේතුවෙන් මියගොස් ඇතැයි සංරක්ෂණ කණ්ඩායමක් පවසති. 09 February 2020
කොරෝනා මඬින්න සියල්ල කරන බව චීන ජනපති කියයි කොරෝනා වයිරසය පරාජයට පත් කිරීමට සියල්ල කරන බව චීන ජනාධිපති ෂී ජින්පින්ග් අද (7) ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහතික විය. 07 February 2020
නියෝග නොතකා චීනයේ සංචාරය කළොත් දඬුවම් කොරෝනා වයිරසයෙන් බැට කන චීනයේ සංචාරය කළහොත් දඬුවම් කිරීමටත් දඬුවමක් වශයෙන් නැවත රටට පැමිණීම තහනම් කිරීමටත් සෞදි අරාබිය තීරණය කර ඇත. 06 February 2020
ඉතාලියේ අධිවේගී දුම්රියක් පීලි පනී - නියාමකවරු දෙදෙනා මරුට ඉතාලියේ උතුරු ප්‍රදේශයේ ලොඩි ප්‍රාන්තයේ සීඝ්‍රගාමී දුම්රියක් පීලි පැනීමෙන් වූ අනතුරින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් මගීන් 28 දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 06 February 2020
ඇමරිකානු ජනාධිපති කතානායක ගැටෙති ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ එරට කතානායක නැන්සි පෙලොසි අතර ආරවුල උග්‍ර වී ඇත. 05 February 2020
තුර්කියේ හිම කුණාටුවකින් 26 ක් මරුට තුර්කියේ නැගෙනහිර ඉරාන දේශසීමාව ආසන්නයේ කඳු බෑවුමක ඇති වූ හිම කුණාටුවක් හේතුවෙන් 26 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ. 05 February 2020
චීන වැසියන්ට නිවෙස්වලට වී සිටින්නැයි නියෝග නව කොරෝනා වෛරසය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ චීන රජය එරට වැසියන් මිලියන ගණනකට නිවෙස්වලට වී සිටින්නැයි නියෝග කර ඇත. 05 February 2020
‘‘කොරෝනා ගෝලීය අර්බුදයක්වීම වළක්වාගන්න පුළුවන්‘‘ මාරාන්තික කොරෝනා වෛරසය පුළුල් ගෝලීය අර්බුදයක් බවට පත්වීම වැළැක්වීමට හැකියාව තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 05 February 2020
මිනීමැරුම් චෝදනාවකට ලෙසතෝ රාජ්‍යයේ අගමැති ආර්යාව අත්අඩංගුවට මිනීමැරුම් චෝදනාවකට ලෙසතෝ රාජ්‍යයේ ජනාධිපති ආර්යා මෙසියා තබානේ මහත්මිය පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. 05 February 2020
වුහාන් හී ගොඩනැගිලි 8 ක් රෝහල් කරයි කොරෝනා වෛරසය පැතිරෙමින් පවතින චීනයේ වුහාන් නගරයේ ගොඩනැගිලි අටක් රෝහල් බවට පරිවර්තනය කරමින් පවතින බව එරට මාධ්‍ය වාර්තා කරයි. 05 February 2020
ඇමෙරිකානු සමාගමකින් මුදල් වංචා කළ පුද්ගලයකුට වසර 7 ක සිරදඬුවම් ඇමෙරිකාවේ සමාගමක සමාගමක ඊමේල් පද්ධතිය හරහා අමෙරිකානු ඩොලර් මිලියන ගණනක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ශ්‍රී ලංකාවේ සම්භවයක් සහිත පුද්ගලයකු ඊට වරදකරු කළ බ්‍රිතාන්‍ය අධිකරණය ඔහුට වසර 7 ක මාස අටක සිරදඬුවමක් නියම කරනු ලැබ ඇතැයි තානාපති ආරංචි මාර්ග සදහන් කරයි. 05 February 2020
සිරියාවේ තෙල්-ගෑස් නිධි 4කට රොකට් ප්‍රහාර සිරියාවේ තෙල් සහ ගෑස් නිධි හතරකට රොකට් ප්‍රහාර එල්ල වී ඇතැයි එරට රාජ්‍ය පුවත් සේවය වන ‘සානා’ පුවත් සේවය අද (4) වාර්තා කළේය. 04 February 2020
කොරෝනා වයිරසයෙන් හොංකො වැසියෙක් මරුට මාරාන්තික කොරෝනා වයිරසයෙන් චීනයෙන් පිටත දෙවැනි මරණය අද (4) හොංකොං වෙතින් වාර්තා විය. 04 February 2020
‘‘ඇමරිකාව කොරෝනා ගැන ලොව පුරා භීතියක් ඇතිකරනවා‘‘ මාරාන්තික කොරෝනා වෛරසය සම්බන්ධව ඇමරිකාව ලොව පුරා භීතියක් ඇතිකරන බවට චීනය චෝදනා කරයි. 03 February 2020
පළඟැටි වසංගතයක් නිසා සෝමාලියානු රජය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කරයි පළඟැටියන් විශාල ප්‍රමාණයක් රට පුරා පැතිරීම නිසා සෝමාලියාව ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කර තිබේ. 02 February 2020
වූහාන් නගරයේ සිටි ඉන්දීය ජාතිකයන් 324 ක් නිරෝධායන මධ්‍යස්ථාන දෙකකට චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් මුදාගත් ඉන්දීය ජාතිකයන් 324 දෙනා නිරෝධායන මධ්‍යස්ථාන දෙකකට යොමු කිරීමට එරට බලධාරීන් පියවර ගෙන ඇත. 02 February 2020
’දෙසතියක් ඇතුළත චීනයට ගියා නම් වීසා නෑ’ ඉකුත් සති දෙකක කාලයේ දී චීනයට ගිය විදේශිකයන්ට වීසා නිකුත් කිරීම නවත්වන බව වියට්නාමය අද (2) නිවේදනය කළේය. 02 February 2020
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026