
ඔස්ට්‍රියාවේ වියානා අගනුවරට ඊයේ (3) රාත්‍රියේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය ගණන හතරක් දක්වා ඉහළ ගොස් ඇත.ප්‍රහාරයෙන් 15 දෙනකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ යැයි ද වාර්තා වේ.
ප්‍රහාරය එල්ල කර ඇත්තේ ‘‘ඉස්ලාමීය ත්‍රස්තවාදියකු’’ බවත් ප්‍රහාරය සඳහා කිහිපදෙනකු පැමිණ ඇතැයි විශ්වාස කරන බවත් ඔස්ට්‍රියාවේ අභ්‍යන්තර අමාත්‍ය කාල් නේහැමර් පැවැසීය.
මෙම ප්‍රහාරය යුදෙව් ජාතිකයන් ඉලක්ක කරගනිමින් එල්ල වූ ප්‍රහාරයක් ද යන්න තවමත් තහවුරු වී නොමැති අතර ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන ආරම්භ වී ඇතැයි ඔස්ට්‍රියානු බලධාරීහු කීහ.
දැඩි මතධාරී පුද්ගලයකු මෙම ප්‍රහාර එල්ල කර ඇතැයි ද අභ්‍යන්තර කටයුතු අමාත්‍ය කාල් නේහැමර් කීය.
තවමත් එක් තුවක්කරුවකු සොයා මෙහෙයුම් දියත් කරන බව කී අමාත්‍යවරයා ජනතාවට තමන් සිටින ස්ථානවලටම වී සිටින්නැයි ද අවධාරණය කළේය. ප්‍රහාරකයන් ආයුධ සන්නද්ධ ව ඇතැයි ද හෙතෙම අනතුරු ඇඟවීය.
ඔස්ට්‍රියාවේ වේලාවෙන් රාත්‍රී 8 පමණ වෙඩි තැබීම ආරම්භ වී තිබෙන අතර අලුයම 1 වන තුරුත් එක් ප්‍රහාරකයකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක විය.ප්‍රහාරයෙන් තුවාල ලැබූ හත්දෙනකුගේ තත්ත්වය බරපතළ යැයි වියානා නගරාධිපති මයිකල් ලුඩ්විග් පැවැසීය.තුවාල ලැබූ ගණන මෙන්ම මරණ ගණන වැඩි විය හැකි යැයි ද ඔස්ට්‍රියා බලධාරීහු කීහ.
පොලීසය කළ වෙඩි තැබීමකින් එක් තුවක්කුකරුවකු මියගිය බව පොලිසිය සඳහන් කළේය. ඔහු අත තිබී රයිෆලයක්, පිස්තෝල සහ පුපුරණ ද්‍රව්‍ය මෙන්ම පුපුරණ ද්‍රව්‍ය සහිත ඇඳුම් කට්ටලයක් ද තිබූ බව පොලිසිය සඳහන් කළේය. කෙසේ නමුත් පුපුරණ ද්‍රව්‍ය සහිත ඇඳුම් කට්ටලය ව්‍යාජ එකක් බව පොලිසිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පසුව සඳහන් කළේය.
වියානා නුවර ස්ථාන හයකදී වෙඩි තැබීම් සිදුව ඇතැයි ඔස්ට්‍රියාවෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම ප්‍රහාරය ඉතා හොඳින් සැලසුම් කළ ත්‍රස්ත ප්‍රහාරයක් යැයි මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් ඔස්ට්‍රියානු චාන්සලර් සෙබස්තියන් කර්ස් පැවැසීය.
පොලිසිය ප්‍රහාරයකයගේ නිවස ද පරීක්ෂණ කර තිබූ අතර සමාජ මාධ්‍ය හරහා ප්‍රහාරයේ විඩියෝ සහ ඡායාරූප ප්‍රසිද්ධ නොකරන්නැයි ද ඉල්ලීමක් කර තිබිණි. කෙසේ නමුත් විඩියෝ 20,000ක් පමණ තිබූ බව වාර්තා විය.වියානා නුවරට පැමිණීමෙන් වළකින්නැයි ද පොලිසිය ජනතාවගේ ඉල්ලීමක් කර තිබිණි.
ඒ.එෆ්.පී./රොයිටර්
055
2025 නොවැම්බර් මස 04
711
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2379
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1744
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වියානා නුවර ප්‍රහාරයෙන් මියගිය ගණන 4ක් දක්වා ඉහළට