ඇමරිකාවේ ධවල මන්දිර ප‍්‍රධානී මාර්ක් මෙඩෝස් මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
ඔහුට වයිරසය ආසාදනය වී ඇති ආකාරය පිළිබඳ පැහැදිලිව අනාවරණය වී නොමැති නමුත් මුහුණු ආවරණයක් නොමැතිව ප‍්‍රසිද්ධ අවස්ථාවල ඔහු පෙනී සිටි බව වාර්තා වේ.
මේ අනුව ජනාධිපති ඩොනල්ට් ට‍්‍රම්ප් මහතාගේ පරිපාලන කටයුතුවලට සම්බන්ධ වී ක‍්‍රියාකළ පුද්ගලයෙකුට වයිරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වූ ආසන්නම අවස්ථාව මෙයයි.
පසුගිය මාසයේ උතුරු කැරොලිනාවේ ග‍්‍රීන්විල්හි පැවති ට‍්‍රම්ප් මහතාගේ ජනාධිපතිවරණ රැලියකටද මෙඩෝස් මහතා සහභාගී වී තිබුණි.
ට‍්‍රම්ප් මහතාගේ ආධාරකරුවන් පිරිසකගේ සහභාගිත්වයෙන් ධවල මන්දිරයේ පැවති මැතිවරණ දින රාත‍්‍රියේ සාදයකටද ඔහු සහභාගී වී තිබේ.
මේ අතර ඇමරිකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව කෝටිය ඉක්මවා ඇති අතර සිදු වී ඇති මරණ සංඛ්‍යාව 230,000 කට අධිකය.
අඛණ්ඩව තුන්වැනි දිනටත් ඊයේ එරට දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තාගත මට්ටමකින් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව ආසාදිතයින් 127,000 අධික සංඛ්‍යාවක් ඊයේ එරටින් වාර්තා විය.
කොරෝනා වයිරසයේ පැතිරීම එරට ජනාධිපතිවරණයේ ප‍්‍රධාන මාතෘකාවක් බවටද පත්වුණි.
-226-
(බීබීසී ඇසුරෙනි)
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ධවල මන්දිරයේ ප‍්‍රධානියාටත් කොරෝනා