කොරියාවෙන් තවත් කොරෝනා ආසාධිතයන් 48 ක් වාර්තා වෙයි සිකුරාදා දහවල් වනවිට තවත් කොරෝනා වයිරස ආසාදිතයන් 48 දෙනකු පිළිබඳ තොරතුරු වාර්තා වී ඇතැයි දකුණු කොරියානු බලධාරීහු අද (21) ප්‍රකාශ කළහ. 21 February 2020
චීනයේ බන්ධනාගාර රැසකින් කොරෝනා ආසාධිතයන් 500 ක් හඳුනාගනී චීනයේ පුරා තිබෙන බන්ධනාගාර රැසකින් නව කොරෝනා ආසාදිතයන් 500කට වැඩි පිරිසක් හඳුනාගෙන ඇතැයි එරට බලධාරිහු අද (21) ප්‍රකාශ කළහ. 21 February 2020
නෙදර්ලන්තයේ ගොවියෝ විරෝධතාවයක නයිට්‍රිජන් ඔක්සයිඩ් වායු විමෝචනය සීමා කිරීමේ ආණ්ඩුවේ සැලැසුම්වලට විරෝධතා දක්වමින් නෙදර්ලන්ත ගොවියෝ එරට අගනුවරට එක්රැස්ව විරෝධතාවල නිරතවෙති. 20 February 2020
කොරෝනා වලින් මිය ගිය ගණන 2,118 ක් දක්වා ඉහළට චීනයේ කොරෝනා වෛරස රෝගයෙන් මියගිය සංඛ්‍යාව 2,118ක් දක්වා ඉහළ ගොස් ඇති අතර රෝගීන් 74 , 576ට වෛරසය ආසාදනය වී ඇත. කෙසේවුවද චිනය පවසන්නේ අද(20) වනවිට වාර්තා වන රෝගීන්ගේ විශාල අඩුවීමක් පෙන්නුම් කරන බවයි. 20 February 2020
ට්‍රක්-කන්ටේනර් අනතුරකින් ඉන්දියාවේ 19 ක් මරුට ට්‍රක් රථයකින් ලිස්සා ගිය කන්ටේනරයක් මගී බස් රථයක් මතට වැටීම හේතුවෙන් දකුණු ඉන්දියාවේ 19දෙනකු මියගොස් ඇත. 20 February 2020
ජර්මනියේ වෙඩි තැබීමකින් 8 ක් මරුට ජර්මනියේ බටහිර හැනවු නගරයේ අවන්හල් දෙකක සිදුවූ වෙඩිතැබීම් හේතුවෙන් අට දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 20 February 2020
තුර්කි - රුසියානු අර්බුදය සිරියානු සිවිල් යුද්ධයට බලපෑමක් තුර්කිය සහ රුසියාව අතර ඇති වී තිබෙන උද්වේගකර තත්ත්වය නිසා සිරියානු අර්බුදය උග්‍ර වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සිරියානු නියෝජිතයා අද (19) අනතුරු ඇඟවීය. 20 February 2020
කාෂ්මීරයේ සමාජ මාධ්‍ය ජාලා අවහිර කෙරේ ඉන්දියානු පාලන කාෂ්මීර ප්‍රදේශයේ වී.පී.එන් යෙදුම් භාවිතයෙන් සමාජ මාධ්‍ය ජාලා වෙත පිවිසීම ද අවහිර කරමින් සිටින බව එරට පොලිසිය පවසයි. 19 February 2020
‘‘ඉන්දියාව ඇමරිකාවට සැලකුවේ නැති වුවත් මෝදිට කැමතියි‘‘ ඉන්දියාව, ඇමෙරිකා එක්සත් ජනපදයට හොඳින් සැලකුවේ නැති වුවත් තමන් අග්‍රාමාත්‍ය මෝදිට විශේෂ කැමැත්තක් දක්වන්නේ යැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේදී පැවැසීය. 19 February 2020
ට්‍රම්ප් ලබන සතියේ ඉන්දියාවට ඉන්දු-ඇමෙරිකා සබඳතා නැවත ශක්තිමත් කරගැනීමේ අරමුණින් ලබන සතියේ ඉන්දියාවේ සංචාරය කරන ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා එම සංචාරය අතරවාරයේ දී ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය විවෘත කිරීමට නියමිතය. 19 February 2020
‘‘ජනාධිපතිවරණයේ ප්‍රතිඵල පිළිගන්නේ නෑ‘‘ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල පිළි නොගන්නා බවත් තමන් ආණ්ඩුවක් පිහිටුවන බවත් ඇෆ්ගනිස්තානයේ ප්‍රධාන විධායක තනතුර හොබවන අබ්දුල්ලා අබ්දුල්ලා අද (18) ප්‍රකාශ කළේය. 19 February 2020
අෂ්රෆ් ඝානී ඇෆ්ගනිස්තාන ජනාධිපති ධූරයට ඇෆ්ගනිස්තාන මැතිවරණ කොමිෂන් සභාව අද (18) නිකුත් කළ අවසන් නිල ප්‍රතිඵලවලට අනුව අෂ්රෆ් ඝානී දෙවැනි ධුර කාලය සඳහා ජනාධිපති ධූරයට තේරී පත්ව ඇත. 18 February 2020
නයිජර් රාජ්‍යයේ සරණාගත කඳවුරක සිදුවූ කලබලයකින් 20 ක් මරුට බටහිර අප්‍රිකානු රටක් වන නයිජර් රාජ්‍යයේ ගිනිකොන දිග ප්‍රදේශයේ සරණාගත කඳවුරක ආහාර ඇතුලු ආධාර බෙදා දීමක දී සිදුවූ කලබලයක් හේතුවෙන් 20 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 18 February 2020
කොරෝනා වයිරසය පිළිබඳ චීනයේ විශාලතම අධ්‍යයනය එළිදකී කොරෝනා වයිරසය හෙවත් කොවිඩ් 19 පිළිබඳ චීනය කළ විශාලතම අධ්‍යයනය එළිදක්වා තිබේ. 18 February 2020
දේවස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් 24 ක් මරුට බර්කිනා ෆෙසෝ රාජ්‍යයේ දේවස්ථානයකදී තුවක්කුරුවන් පිරිසක් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෝ 24 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 17 February 2020
ඉරාකයේ ඇමෙරිකානු හමුදා කඳවුරකට රොකට් ප්‍රහාර ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරකට රොකට් ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇතැයි වාර්තා වේ. 17 February 2020
කොකේන් ටොන් 5ක් කොස්ටා රිකා රාජ්‍යයේ නැවකින් සොයාගනී කොස්ටා රිකා රාජ්‍යයෙන් නැව්ගතකරන ලද කන්ටේනරයක තිබී කොකේන් ටොන් 5කට වැඩි ප්‍රමාණයක් පොලිසිය සොයාගෙන තිබේ. 16 February 2020
නයිජිරියාවේ කට්සිනා ප්‍රාන්තයට එල්ල වූ ප්‍රහාරයකින් 30 කට අධික පිරිසක් මරුට නයිජීරියාවේ වයඹ දිග කට්සිනා ප්‍රාන්තයේ ගම්මාන දෙකකට එල්ලවූ ප්‍රහාරයකින් 30දෙනකුට වැඩිපිරිසක් මියගොස් ඇත. 16 February 2020
සෞදි ප්රමුඛ සන්ධානයට අයත් ප්‍රහාරක යානයක් යේමනයට කඩාවැටේ සෞදි ප්රමුඛ සන්ධානයට අයත් ප්‍රහාරක යානයක් යේමනයේ උතුරු පළාතේ අල්-ජවුෆ්හි දී කඩාවැටී තිබේ. 16 February 2020
ආසියාවෙන් පිටත පළමු කොරෝනා වයිරස මරණය ප්‍රංශයෙන් වාර්තාවෙයි ආසියාවෙන් පිටත සිදු වූ පළමු කොරෝනා වයිරස මරණය ප්‍රංශයෙන් වාර්තා වී ඇත. 15 February 2020
මාලි රාජ්‍යයේ ස්ථාන 3 ක සිදුවූ ප්‍රහාර වලින් 30 ක් මරුට බටහිර අප්‍රිකානු රටක් වන මාලි රාජ්‍යයේ ස්ථාන තුනකට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් 30 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ. 15 February 2020
කොරෝනා ආසාදනය වී චීනයේ සෞඛ්‍ය සේවකයෝ 6ක් මරුට චීනයේ කොරෝනා වයිරසය ආසාදනය වූ සෞඛ්‍ය සේවකයින් හයදෙනෙකු මේ වනවිට මියගොස් ඇතැයි වාර්තා වේ. 14 February 2020
ඉන්දියාවේ මුඩුක්කු නිවාස තාප්පවලින් වැසේ ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මේ මස අගදී ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිත අතර ඔහුට මුඩුක්කු නිවාස දර්ශනය වීම වැළැක්වීම සඳහා අහමදාබාද් නගරයේ නව තාප්ප ඉදි කෙරෙමින් තිබේ. 14 February 2020
ඉන්දීය රජයට දෙන්න ඕනෑ මුදල් මාර්තු 17 ට පෙර ගෙවන්න ඉන්දීය රජයට අය විය යුතු මුදල් කඩිනමින් ගෙවන්නැයි ද මාර්තු 17 වනවිට එම මුදල් නොගෙවන්නේ නම් අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් නඩු පවරන්නේ යැයි ද ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද (14) ප්‍රකාශ කළේය. 14 February 2020
මියන්මාරයේ පාසලකට එල්ල කළ ප්‍රහාරයකින් ළමුන් 19 ක් රෝහලේ මියන්මාරයේ රඛයින් ප්‍රාන්තයේ ප්‍රාථමික පාසලකට එල්ල වූ ෂෙල් වෙඩි ප්‍රහාරයකින් ළමුන්19දෙනකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 14 February 2020
ලිබියාවේ ගැටුම් උත්සන්න වෙයි ලිබියාවේ ට්‍රිපෝලි අගනුවරදී ප්‍රතිවාදී කණ්ඩායම් එකිනෙකාට ප්‍රහාර එල්ල කරගත් බව වාර්තා වේ. 14 February 2020
ජපානයේ පළමු කොරෝනා වයිරස මරණය වාර්තා වෙයි ජපානයේ පළමු කොරෝනා වයිරස මරණය ඊයේ(13) ටෝකියෝවට බටහිරින් පිහිටි කනගාවා ප්‍රාන්තයෙන් වාර්තා විය. 14 February 2020
රටවල් පහකින් ප්‍රතික්ෂේප වූ නෞකාවට කාම්බෝජයට කොරෝනා වෛරස අවදානම හේතුවෙන් ආසියාවේ රටවල් පහකින් ප්‍රතික්ෂේප වූ මුහුදේ අතරමංව සිටි ඇමරිකානු මගී නෞකාවට කාම්බෝජයේ සිහනොක්විල් වරායේ නැංගුරම් ලෑම සඳහා අවසර ලැබී ඇතැයි වාර්තා වේ. 14 February 2020
‘‘කොංග්‍රසයට දැඩි වෙහෙසක් ගැනීමට සිදුවෙයි‘‘ - ප්‍රියංකා ගාන්ධි වද්‍රා කොංග්රස් පක්ෂයට ඉදිරියේදී දැඩි වෙහෙසක් ගැනීමට සිදුවන බවත් පක්ෂය එය කරන බවත් එම පක්ෂයේ මහලේකම් ප්‍රියංකා ගාන්ධි වද්‍රා පැවැසුවාය. 13 February 2020
මියන්මාරයේ පාසලකට එල්ල වූ ප්‍රහාරයකින් 20 කට තුවාල මියන්මාරයේ රඛීන් ප්‍රාන්තයේ ප්‍රාථමික පාසලකට අද (13) එල්ල වූ මෝටාර් ප්‍රහාරයකින් දරුවන් 20 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 13 February 2020
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026