
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගගනගාමීන් සිව්දෙනකු යැවීමට සැලසුම් කළ මෙහෙයුම අයහපත් කාලගුණය හේතුවෙන් කල් දැමීමට සිදුවූ බව නාසා ආයතනය පවසයි.
ගගනගාමීන් රැගත් Crew - Dragon යානය අද (14) ගුවන්ගත කිරීමට නියමිතව තිබිණි.
ඊටා සුළි කුණාටුව හේතුවෙන් ෆ්ලොරීඩාවට ඉහලන් තද සුළං හමායන බවට කාලගුණ අංශ අනාවැකි පලකිරීම හේතුවෙන් අභ්‍යවකාශ මෙහෙයුම දිනකින් කල් දැමීමට තීරණය කළ බව නාසා බලධාරීහු පවසති.
ඒ අනුව ගුවන් ගතවන නව වේලාව ඉරිදා (15) රාත්‍රී 7.27 ලෙස සඳහන් වේ.
කේප් කැනවරල්හි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් යානය ගුවන් ගතවන බව ද ඔවුහු කියති.
නාසා ආයතනය හා ස්පේස් එක්ස් එක්ව මෙම චාරිකාව සංවිධානය කර තිබේ.
මෙහෙයුමට ඇමරිකානු ගගනගාමීන් තිදෙනක් හා ජපන් ජාතික ගගනගාමියෙක් එක්වී සිටිති.
ස්පේස් එක්ස්හි ප්‍රධානී එලෝන් මස්ක් සාමාන්‍යයෙන් මෙවැනි ගුවන්ගතකිරීම් අවස්ථා වලට සහභාගී වන නමුත් කොරෝනා ආසාදිත වීම හේතුවෙන් මෙම අවස්ථාවට සහභාගී නොවන බව දන්වා තිබේ.
කෙසේ වුවද ගුවන් ගමනට සති කිහිපයක සිට ගගනගාමීන් නිරෝධායනය කර සිටි බව නාසා බලධාරීහු පවසති.
(බීබීසී ඇසුරිනි - 085)
2025 නොවැම්බර් මස 04
709
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2376
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1743
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අභ්‍යවකාශ ගමන කල් දමයි