
ලබන වසර, මේ වසරට වඩා දරුණු යැයි එක්සත් ජාතීන්ගේ ආහාර ආයතනය අනතුරු අඟවයි.
මේ වසරේ නොබෙල් සාම ත්‍යාගය හිමිවූයේ ද එක්සත් ජාතීන්ගේ ආහාර ආයතනය වන ලෝක ආහාර වැඩසටහනටයි.
ලෝක නායකයන්ට අනතුරු ඇඟවීමට නොබෙල් සාම ත්‍යාගය විශේෂ අවස්ථාවක් සලසා දී ඇතැයි ද මෙම අනතුරු ඇඟවීම කරමින් ලෝක ආහාර වැඩ සටහනේ ප්‍රධානී ඩේවිඩ් බීස්ලි පැවැසීය.
“ලබන වසරේදී (2021) අපට සාගතවලට මුහුණ දෙන්න සිදුවේවි” යැයි ඒ.පී. පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඩේවිඩ් බීස්ලි කීය.
යුද ගැටුම් සහ ආපදා මධ්‍යයේ වුවද සරණාගත කඳවුරුවලට යමින් කාර්යමණ්ඩලවල ජීවිත අනතුරේ හෙළමින් මිලියන ගණනක ජනතාවගේ කුසගින්න නිවීමට ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් ලෝක ආහාර වැඩසටහනට මේ වසරේ නොබෙල් සාම ත්‍යාගය හිමි විය.
එය සිහිපත් කරමින් ඩේවිඩ් බීස්ලි මෙසේ කීය.
“මේ දෙය සිහිපත් කරන්න අවශ්‍යයි. ලෝකයට පණිවුඩයක් දෙන්න ඕනේ.අපි අමාරුකම් මධ්‍යයේ වැඩ කළා. හැබැයි අපේ අමාරුම කාලය ඉන්නේ ඉදිරියට. දරුණුම කාලය එන්නේ ඉස්සරහට”.
“මේක ඉතාමත් වැදගත් කාලයක්. අපි දිගින් දිගටමට සටන් වදිනවා. කෙසේ නමුත් පසුගිය කාලයේදී වැඩි අවධානයක් යොමුවුණේ ඇමෙරිකානු ජනාධිපතිවරණයට. ඒ වගේම ‘කොවිඩ්-19’ වසංගතයට. එහෙත් කුසගින්නට ඊට වඩා වැඩි ගෝලීය අවධානයක් යොමු වෙන්න ඕනෑ” යැයි ද ඔහු තවදුරටත් කීය.
‘ද ගාඩියන්’ ඇසුරිනි
055
2025 නොවැම්බර් මස 04
709
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2376
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1743
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මේ වසරට වඩා ලබන වසර දරුණුයි