
ඇමෙරිකාවේ තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩන්, මහජන සෞඛ්‍ය විශේෂඥයන් දෙදෙනකු ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා පත් කෙරෙන කාර් ය සාධක බලකාය සඳහා තෝරාගෙන ඇතැයි ඇමෙරිකානු පුවත් සේවා වාර්තා කරයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ශල්‍ය වෛද්‍ය ජනරාල්වරයකු වන වෛද්‍ය විවේක් මූර්ති සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ අධිකාරියේ හිටපු කොමසාරිස්වරයකු වන වෛද්‍ය ඩේවිඩ් කෙස්ලර් යන දෙදෙනා එලෙස තෝරාගෙන ඇත.
ඔවුන් දෙදෙනා ‘කොවිඩ්-19’ කාර්යසාධක බලකායේ සම සභාපතිවරුන් ලෙස පත් කිරීමට තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩන් තීරණය කර ඇතැයි ද වාර්තා වේ.
නව කොරෝනා වයිරසය පාලනය කිරීමට කඩිනම් පියවර ගන්නා බව තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩන් සිය ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේදී දිගින් දිගටම පැවැසීය.
ඇමෙරිකානු ජනතාව මුඛ ආවරණ පැලඳීම සඳහා උනන්දු කරවීම සහ ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්නා බවත් හෙතෙම කීය.
තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩන් අදාළ ‘කොවිඩ්-19’ කාර්යසාධක බලකාය මේ සතියේදී පත් කරනු ඇතැයි ද ඇමෙරිකානු වාර්තා සඳහන් කරයි.
වෛද්‍ය මූර්ති බැරැක් ඔබාමා ජනාධිපති ධුරය දරන සමයේදී ඇමෙරිකාවේ ශල්‍ය වෛද්‍ය ජනරාල්වරයා ලෙස කටයුතු කළේය. ජෝ බයිඩන් පසුගිය මාස කිහිපයක කාලයේදී විශේෂඥයන් සහ වෛද්‍යවරුන් කණ්ඩායමකගෙන් නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් උපදෙස් ලබා ගත් අතර වෛද්‍ය කෙස්ලර් ද එම කණ්ඩායමේ සාමාජිකයකු විය
ඒ.එෆ්.පී./රොයිටර්
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd