IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ජෝ බයිඩන් ජනපති ධුරයේ වැඩ අරඹයි

 

ඇමෙරිකා එක්සත් ජනපදයේ තේරී පත්වූ ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන් මහතා රාජකාරී ආරම්භ කර ඇතැයි එරට පුවත් සේවා වාර්තා කරයි.

ඔහුට අමතරව තේරී පත්වූ උප ජනාධිපතිනි කමලා හැරිස් ද එම කටයුතු ආරම්භ කර තිබෙන අතර ඔවුන් ඔවුන්ගේ නිල වෙබ් අඩවි ද යාවත්කාලීන කර ඇතැයි වාර්තා වේ.

ඊට අමතරව 46 වැනි ජනාධිපති ධුරයට පත්වීමේ ක්‍රියාවලිය වෙනුවෙන් ට්විටර් ගිණුමක් ද ආරම්භ කර ඇති අතර ට්‍රාන්සිෂන්46 යනුවෙන් එය නම් කර ඇත.

කෙසේ නමුත් ඇමෙරිකාවේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා තවමත් ජනාධිපතිවරණයේ පරාජය බාරගෙන නැතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ මෝටර් රථ පෙළ ඉරිදා (8) දිනයේදී ද ඔහුට අයත් ගොල්ෆ් පිට්ටනියක් වෙත පැමිණි බව ‘ද ගාඩියන්’ පුවත් වෙබ් අඩවිය වාර්තා කර තිබිණි.

තත්ත්වය එසේ තිබියදී නව කොරෝනා වයිරසය මර්දනය කිරීම සඳහා ‘කොවිඩ්-19’ කාර්යසාධක බලකායක් ආරම්භ කිරීමට තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩන් මහතා පියවර ගෙන ඇත.

ඇමෙරිකාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මේ වනවිට වේගයෙන් ඉහළ යමින් තිබෙන අතර ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්තවලට අනුව සෙනසුරාදා දිනයේදී පමණක් ඇමෙරිකාවෙන් වාර්තා වී ඇති වයිරස ආසාදිතයන්ගේ ගණන 127,399කි. ඒ අනුව එරටින් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන මිලියන 9.9ක් වන අතර සෙනසුරාදා දිනයේදී එරටින් වාර්තා වූ වයිරස ආසාදිතයන්ගේ ගණන 1,000ක් ලෙස දැක්විණි. ඒ අනුව ඇමෙරිකාවේ සමස්ත වයිරස ආසාදිත මරණ ගණන 237,000ක් දක්වා ඉහළ ගියේය.  

ජනාධිපතිගේ බෑණා වන ජාර්ඩ් කුෂ්නර් මහතා , ජනාධිපතිවරයා සමඟ පරාජය බාරගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව ද දැනගන්නට ලැබේ.

රොයිටර් /ඒ.එෆ්.පී.

055



අදහස් (0)

ජෝ බයිඩන් ජනපති ධුරයේ වැඩ අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 711 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2379 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1744 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site