නව කොරෝනා වයිරස ආසාදිතයන්ගෙන් රෝහල් පිරී යෑම හේතුවෙන් මහජන ඒකරාශී වීම් සීමා කිරීමට ග්‍රීසිය පියවර ගෙන ඇත.
ඒ අනුව පුද්ගලයන් සිවුදෙනකුට හෝ ඊට වඩා වැඩි සංඛ්‍යාවක මහජන හෝ පුද්ගල හෝ ඒකරාශීවීම් තහනම් යැයි ග්‍රීක පොලිසිය අද නිවේදනය කළේය.
ප්‍රාථමික පාසල්, පෙරපාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන සියල්ල වසා දමන බව ග්‍රීසය ඊයේ, එනම් සෙනසුරාදා නිවේදනය කළේය.
ග්‍රීසියෙන් දෛනිකව වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන මේ වනවිට ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන අතර එරටින් වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන ද දහස ඉක්මවා ගොස් තිබේ.
මෙම නීති නොතකා කටයුතු කළහොත් මහජන ඒකරාශී වීම් සංවිධානය කරන දේශපාලන හෝ වෙනත් පාර්ශව හා සංවිධානවලට යුරෝ 5,000ක දඩයක් ද තනි පුද්ගලයන්ට යුරෝ 3,000ක දඩයක් ද නියම කරන බව ග්‍රීසියේ පොලිසිය නිවේදනය කර ඇත. ඒවාට සහභාගී වන පිරිස් හා පුද්ගලයන්ට යුරෝ 300ක දඩයක් නියම වේ.
සෙනසුරාදා දිනයේදී පමණක් ග්‍රීසියෙන් වයිරස ආසාදිතයන් 2,835ක් වාර්තා වූ අතර ඒ අනුව එරටින් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන 72,510ක් දක්වා ඉහළ ගියේය. අවසන් පැය 24 දී එරටින් වයිරස ආසාදිත මරණ 38ක් වාර්තා වූ අතර ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත වයිරස ආසාදිත මරණ ගණන 1,035ක් දක්වා ඉහළ ගියේය.
ඒ.එෆ්.පී.
055
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ග්‍රීසිය මහජන ඒකරාශිවීම් සීමා කරයි