
යුක්රේනයේ සෞඛ්‍ය අමාත්‍ය මැක්සිම් ස්ටෙපනොව් මහතාට කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තා වේ.
45 හැවිරිදි ස්ටෙපනොව් මහතා පවසා ඇත්තේ සුළු රෝග ලක්ෂණ පෙන්වන බැවින් නිවසේ සිට හුදකලාව රාජකාරී කටයුතු සිදුකරන බවයි.
යුක්රේන ජනාධිපති ව්ලොද්මියර් සෙලෙන්ස්කි මහතා ද මීට පෙර කොරෝනා ආසාදිත බව හඳුනා ගැනින. ජනාධිපතිවරයා මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.
යුක්රේනයේ මේවනවිට කොරෝනා රෝගීන් 535,857ක් වාර්තා වන අතර මරණ 9,603ක් සිදුවී තිබේ.
පසුගිය පැය 24 තුළ යුක්රේනයෙන් කොරෝනා රෝගීන් 12,524ක් වාර්තා වී ඇති අතර ඊට පෙර දිනයේ රෝගීන් 11,787ක් තහවුරු විය.
රූපවාහිනී සාකච්ඡාවකට එක්වෙමින් ස්ටෙපනෙව් මහතා මෙසේ පැවසීය, "මෙය යුද්ධයක්,සෑම දිනකම වෛරසය යුක්රේන ජාතිකයන්ගේ ජීවිත බිලිගන්නවා."
වයිරස ව්‍යාප්තිය මැඩපැවැත්වීම සඳහා එළඹෙන සති අන්තයේදී රටපුරා අගුලු දැමීමක් ක්‍රියාත්මක කිරීමට යුක්රේන රජය තීරණය කර තිබේ.
රොයිටර් පුවත් ඇසුරිණි
085
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd