
පළමු ලෝක යුද්ධයේ අවසානය අනුස්මරණය කරමින් සෞදි අරාබියේ ජෙඩා නුවර සුසාන භූමියක පැවැති උත්සවයකට එල්ල වූ ප්‍රහාරයකින් කිහිපදෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
යුරෝපීය රටවල රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇතුළු රටවල් කිහිපයක නියෝජිතයන් මෙම අවස්ථාවට එක්ව සිටි බව මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රංශ විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය.
“මෙය වාර්ෂිකව පැවැත්වෙන උත්සවයක්. ජෙඩා නුවර මුස්ලිම් නොවන සුසාන භූමියකදී මෙම අනුස්මරණ උත්සවය පැවැත්වුණා. ප්‍රංශය ද ඇතුළුව තවත් රටවල් කිහිපයක රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් මෙම අවස්ථාවට එක්වුණා. බෝම්බ ප්‍රහාරයෙන් මේ වනවිට කිහිපදෙනකු තුවලා ලබලා” යැයි ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
“මෙම බියගුළු, නිවට සහ සාධාරණීයකරණය කළ නොහැකි ප්‍රහාරය අපි දැඩිව හෙළා දකිනවා” යැයි ද ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සඳහන් කළේය.
මෙලෙස ප්‍රහාරයක් එල්ල වූ බව ග්‍රීසියේ නියෝජිතයකු ද පැවැසූ අතර ඔහු සිය නම සඳහන් කිරීම ප්‍රතික්ෂේප කළේය.
“ජෙඩා නුවර මුස්ලිම් නොවන සුසාන භූමියක පිපිරීමක් සිදුවුණා. පිපිරීමෙන් සිවුදෙනකු තුවාල ලැබුවා. ඔවුන් අතර ග්‍රීක ජාතිකයකුත් ඉන්නවා” යැයි එම නිලධාරියා කීය.
ඉන් පැයකට පසු ප්‍රහාරයක් එල්ල වූ බවත් දෙදෙනකු තුවාල ලැබූ බවත් සෞදි බලධාරීහු කීහ. ග්‍රීක ජාතිකයකු සහ සෞදි ආරක්ෂක නිලධාරියකු පමණක් එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ බවත් එය බියගුළු ප්‍රහාරයක් බවත් සෞදි බලධාරීහු කීහ.
ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන කරන ඇතැයි සෞදියේ රාජ්‍ය පුවත් සේවය වන එස්.පී.ඒ පුවත් සේවය නිවේදනයක් උපුටා දක්වමින් වාර්තා කළේය.
අද පස්වරු වනතුරුත් කිසිවකුත් ප්‍රහාරයේ වගකීම බාරගෙන නොතිබිණි.
ප්‍රංශය, ග්‍රීසිය, ඉතාලියා, ඇමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය යන රටවල රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් මෙම අවස්ථාවට එක්ව සිටි බව අල්ජසීරා පුවත් සේවය ප්‍රංශ වාර්තා උපුටා දක්වමින් වාර්තා කර තිබිණි.
ඒ.එෆ්.පී./රොයිටර්ස්
055
2025 නොවැම්බර් මස 04
711
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2379
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1744
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සෞදියේ පිපිරීමක්