
ප්‍රතිසංස්කරණ කටයුතු ඔස්සේ ලෝක සෞඛ්‍ය සංවිධානය ශක්තිමත් කිරීමට පියවර ගැනීමට සූදානම් බව එම සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රෝස් අදනොම් ග්‍රේබියේසස් මහතා අද (9) ප්‍රකාශ කළේය.
“මේ සංවිධානය ශක්තිමත් කිරීම සඳහා ඉදිරිපත් කරන ඕනෑම යෝජනාවක් මේ සංවිධාන ශක්තිමත් කිරීම සඳහා ගන්නා ඕනෑම පියවරක් ක්‍රියාමාර්ගයක් අපි විවෘතව සහ සාදරයෙන් පිළිගන්නවා. අපි ඒ දේ කරන්නේ අපි වෙනුවෙන් නෙමයි. අපි ඒ දේවල් කරන්නේ අපි සේවය කරන ජනතාව වෙනුවෙන්” යැයි මාධ්‍යවේදීන් අමතමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා කීය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල් 194 නියෝජිතයන් සමඟ පැවැති අමාත්‍ය මට්ටමේ සාකච්ඡාව අමතමින් වෛද්‍ය ටෙඩ්‍රෝස් මහතා එම කරුණු සඳහන් කළේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අමාත්‍ය මණ්ඩල සැසිවාරයක් වාර්ෂිකව පැවැත්වෙන අතර විඩියෝ තාක්ෂණය ඔස්සේ එහි කෙටි හමුවක් පසුගිය මැයි මාසයේදී පැවැත්විණි.
මේ වනවිට ගෝලීය නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 50 සීමාව ඉක්මවා ගොස් ඇති අතර වයිරස ආසාදිත මරණ ගණන මිලියන 1.2 ඉක්මවා ගොස් ඇත.
රොයිටර්
055
2025 නොවැම්බර් මස 04
711
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2379
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1744
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රතිසංස්කරණයට සූදානම්