IMG-LOGO

කොරෝනා වයිරසය මීයන් වැනි සතුන්ට බෝවීමේ අවදානම විද්‍යාඥයෝ පෙන්වා දෙති

කොරෝනා වයිරසය මීයන්, උගුඩුවන් වැනි අනෙකුත් සතුන්ටද පැතිරිය හැකි බවත් එසේ සතුන් තුළට ගමන් කරන වයිරසයක් වසර ගනනාවකට පසු නැවත මිනිස් ජනගහනය වෙත පැමිණීමට හැකියාව ඇති බවටත් විශේෂඥයෝ අනතුරු අඟවති.

"මින්ක්" මුගටියන් තුළ වයිරසයේ පරිණාමය පිළිබඳ නව තොරතුරු වාර්තා වීමෙන් පසුව විද්‍යාඥයන් මෙම අනතුරු ඇඟවීම සිදුකර තිබේ.

මේ සම්බන්දව අදහස් දක්වමින් රෝග නිවාරණය හා පාලනය පිළිබඳ යුරෝපීය මධ්‍යස්ථානය පවසා ඇත්තේ වයිරසය මින්ක් සතුන්ගේ සිට මිනිසුන්ට සම්ප්‍රේෂණය වියහැකි බවයි.

සතුන් තුළ වයිරසය විකෘති වීම කොරෝනා සඳහා නිපදවන එන්නත් වල ඵලදායීතාවයට බාධාවක් වියහැකි බවද විද්‍යාඥයෝ පෙන්වා දෙති.  

මෙම අවදානම පිළිබඳව සැලකිමත් වෙමින් සත්ත්ව සෞඛය සඳහා වන ලෝක සංවිධානය පවසන්නේ වයිරසය ව්‍යාප්ත වියහැකි මෙවැනි සතුන් සමග සමීප සබඳතා පවත්වන පුද්ගලයින් වඩාත් සුපරීක්ෂාකාරී වියයුතු බවයි.

සතුන්ට වයිරසය පැතිරීම සීමා කිරීම සඳහා වහාම පියවර ගැනීම අවශ්‍ය බවද ඔවුහු සඳහන් කරති.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත්තේ මෙම වාර්තා සම්බන්දව සැලකිලිමත් වන අතර ප්‍රතිකාර හා එන්නත් සඳහා ඇති බලපෑම අවබෝධ කරගැනීම සඳහා වැඩිදුර අධ්‍යයනය කිරීම අවශ්‍ය බවය.

අනෙකුත් වන සතුන් හා ගෘහාශ්‍රිත සතුන්ට වයිරසය ව්‍යාප්ත වන්නේ ද යන්න සම්බන්දව සෝදිසි කිරීම අවශ්‍ය බවද ඔවුහු පවසති.

නෙදර්ලන්තය, ඩෙන්මාර්කය, ස්පාඤ්ඤය, ස්වීඩනය, ඉතාලිය හා ඇමරිකාව යන රටවල ලෝම සඳහා සතුන් ඇතිකරන ගොවිපල වල කොරෝනා පැතිරීම වාර්තා වී තිබේ.

බ්‍රිතාන්‍යය හා ඔස්ට්‍රියාව මීට වසර ගනනාවකට පෙර ලොම් නිශ්පාදනය තහනම් කළ අතර ජර්මනිය, බෙල්ජියම, ප්‍රංශය හා නෝර්වේ යන රටවල් ලෝම නිශ්පාදනය නතර කිරීමට සැලසුම්කර තිබේ.

නෙදර්ලන්තය ද ලබන වසර වනවිට මින්ක් ගොවිතැන අවසන් කිරීමට නියමිතය.

බීබීසී ඇසුරිණි

085



අදහස් (0)

කොරෝනා වයිරසය මීයන් වැනි සතුන්ට බෝවීමේ අවදානම විද්‍යාඥයෝ පෙන්වා දෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 104 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 500 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 263 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site