
මියන්මාරයේ මේවනවිට ප්‍රකාශිත මැතිවරණ ප්‍රතිඵල අනුව අවුන්සාන් සූ කී මහත්මියගේ එන්එල්ඩී පක්ෂය ඉදිරියෙන් සිටින බව වාර්තා වේ.
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගය (එන්එල්ඩී) ආසන 346ක් දිනාගෙන ඇති අතර එය නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ප්‍රමාණවත් බව පැවසේ.
මියන්මාරයේ ආණ්ඩුවක් පිහිටුවිම සඳහා ආසනන 322කට වැඩි සංඛ්‍යාවක් ලබාගත යුතුය.කෙසේවුවද එන්එල්ඩී පක්ෂය සමග එකට වැඩකිරීමට සුළුතර පක්ෂ වලට ද ආරාධනා කර ඇත.
මියන්මාරයේ ඡන්දය පැවැත්වුණු ආසන 416න් 64ක තවම ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර නොමැත.
පසුගිය නොවැම්බර් 08 වනදා මියන්මාරයේ මැතිවරණය පැවැත්විණ. හමුදා පිටුබලය සහිත විපක්ෂය මැතිවරණය නැවත පවත්වන ලෙස ඉල්ලා ඇති නමුත් අක්‍රමිකතා සිදුවී ඇති බවට සාක්ෂි ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇත.
රෝහින්ග්‍යා අර්බුදයෙන් පසු සූ කී මහත්මිය ලොවපුරා දැඩි විවේචනයට ලක්වූ නමුත් ඉන්දියාව, ජපානය හා සිංගප්පූරුව ඇයගේ ජයග්‍රහනයට සුභපතා තිබේ.
බීබීසී ඇසුරිණි
085

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ අයට සුබ පතන්න කොන්ද පණ නැහැ. සුබ පැතුවොත් වෙන දේ දන්නවනේ... උන්ගේ පදේට නටන සිංහල දේශපාලුවන් ඉන්න රටක් ලංකාව...