සවුදි අරාබියේ ජෙඩා නගරයේදී විදේශීය තානාපතිවරුන් සහභාගී වූ සැමරුම් උත්සවයක බෝම්බයක් පුපුරායාම හේතුවෙන් සිව් දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
එහිදී ග්‍රීක කොන්සල් කාර්යාලයේ සේවය කරන ආරක්ෂක නිලධාරියෙකු බරපතල ලෙස තුවාල ලබා තිබේ.
පළමුවන ලෝක යුද්ධයේ අවසානය සනිටුහන් කරමින්, මුස්ලිම් නොවන සුසාන භූමියක මෙම උත්සවය පවත්වා තිබේ.
සැමරුම් උත්සවයට සහභාගීවූ තානාපතිවරුන් සිද්ධිය සම්බන්ධව ඉක්මන් පරීක්ෂණයක් පවත්වන ලෙස සෞදි බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.
කෙසේවුවද සෞදි බලධාරීන් මේ පිළිබඳව මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නොමැති බව මාධ්‍ය වාර්තා කරයි.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd