IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ට්‍රම්ප් ආරක්ෂක ලේකම්වරයාව නෙරපයි

 

ඇමෙරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක ලේකම්වරයා එම ධුරයෙන් ඉවත් කළ බව එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය.

ජනාධිපතිවරයාගේ සහ ආරක්ෂක ලේකම්වරයාගේ (අමාත්‍ය) යන දෙදෙනාගේ ප්‍රතිපත්ති එකිනෙක ගැටීම හා පරස්පර වීම නිසා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙලෙස ආරක්ෂක ලේකම්වරයා එලෙස එම ධුරයෙන් ඉවත් කර ඇතැයි ධවල මන්දිර ආරංචි මාර්ග සඳහන් කරයි.

තම පරිපාලනය තුළ සිටින පිරිස් සමඟ ඇති ආරවුල් පියවා ගැනීමට ජනාධිපති ට්‍රම්ප් සිය ධුර කාලයේ අවසාන මාස කිහිපය යොදාගනු ඇති බව මෙම ක්‍රියාවෙන් පෙනී යන්නේ යැයි දේශපාලන විචාරකයෝ පෙන්වාදෙති.

ජනාධිපති ට්‍රම්ප් සහ මාර්ක් එස්පර් අතර කරුණු ගණනාවක් සම්බන්ධයෙන් ආරවුල් හා මත ගැටුම් පැවැතුණි. විශේෂයෙන්ම පසුගිය කාලයේ ඇමෙරිකාවේ වීදි පුරා පැවැති විරෝධතා පාලනය හා මර්දනය කිරීම සඳහා ජනාධිපති ට්‍රම්ප් හමුදාව යොදාගැනීම සම්බන්ධයෙන් මාර්ක් එස්පර් සිය විරුද්ධත්වය ප්‍රකාශ කර තිබිණි. ජනාධිපතිවරයාට ඔහු  ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සිය විරෝධය පළ කළ අතර එය ජනාධිපති ට්‍රම්ප්ගේ දැඩි කෝපයට හේතු වූ බව ද වාර්තා විය. ජෝර්ජ් ෆ්ලොයිඩ් මිනියැපොලිස්හිදි පොලීසය අතින් ඝාතනයට ලක්වීම මුල් කරගනිමින් , ඊට සහ වාර්ගික අසාධාරණකම්වලට විරුද්ධත්වය පළ කරමින් එම විරෝධතා පැවැත්විණි.

ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාව ඩිමොක්‍රටික් පක්ෂයේ දැඩි විවේචනයට ලක්ව තිබිණි. ජනාධිපති ට්‍රම්ප්ගේ මෙම ක්‍රියාවෙන් ඇමෙරිකාවේ විරුද්ධවාදීන්ට භයානක පණිවුඩයක් යන බවත් තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩන් නියමිත ක්‍රියාවලියට අනුව ධුරයේ රාජකාරී ආරම්භ කිරීමේ ක්‍රියාවලිය අර්බුදයට යන බවත් ඩිමොක්‍රටික් පක්ෂය සඳහන් කර ඇත.

“ආරක්ෂක ලේකම් මාර්ක් හදිසියේ ඉවත් කිරීමෙන්ම ජනාධිපති ට්‍රම්ප් මොනවද කරන්න යන්නේ කියන එකට හොඳ සාක්ෂියක්. ඔහු ඔහුගේ අන්තිම කාලයේදී ඇමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තුළ අවුලක් හදන්න උත්සාහ කරනවා. එය ඇමෙරිකාවේ සහ ලෝකය පුරා තිබෙන ප්‍රජාතන්ත්‍රවාදයට හොඳ නැහැ” යැයි නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ප්‍රධානී නැන්සි පෙලොසි ප්‍රකාශ කළාය.

ජනාධිපතිවරයාගේ මෙම තීරණය “පොඩි ළමයකු කරන වැඩක්” සහ “වගකීම් රහිත ක්‍රියාවක” යැයි නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආයුධ සේවා කමිටුවේ ප්‍රධානී ඩිමොක්‍රටික් පක්ෂයේ නියෝජිත ඇඩම් ස්මිත් පැවැසීය.

ජාතික ත්‍රස්ත මර්දන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ක්‍රිස්ටෝෆර් මිලර් වැඩ බලන ආරක්ෂක ලේකම්වරයා ලෙස පත් කරන බව ජනාධිපති ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.

“මාර්ක් එස්පර් ඉවත් කළා, වහාම ක්‍රියාත්මක වන පරිදි මිලර් එම ධුරයේ වැඩ බලනවා” යැයි ජනාධිපති ට්‍රම්ප් නිකුත් කළ ට්විටර් පණිවුඩයේ දැක්විණි

 

 

 



අදහස් (0)

ට්‍රම්ප් ආරක්ෂක ලේකම්වරයාව නෙරපයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 711 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2379 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1744 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site