සෝමාලියාවේ වෙඩිතැබීමකින් 11ක් මරුට සෝමාලියාවේ මොගඩිෂු නුවර හෝටලයක සිදුවූ පිපිරීමක් සහ වෙඩිතැබීමක් හේතුවෙන් 11දෙනකු මිය ගොස් 20දෙනකු පමණ තුවාල ලබා ඇතැයි එරට බලධාරීහු පවසති. 17 August 2020
නවසීලන්ත මහ මැතිවරණය කල් යයි දින 100කට පසු නව කොරෝනා වයිරස ආසාදිතයන් හමු වීමත් සමඟ මහ මැතිවරණය මාසයකින් කල් දැමීමට තීරණය කළ බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩෙන් අද (17) ප්‍රකාශ කළාය. 17 August 2020
ජපාන අග්‍රාමාත්‍යවරයා රෝහල් ගත කරයි ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සඳහා රෝහල් ගත කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. 17 August 2020
ඇමෙරිකා - රුසියා විදේශ ඇමැතිවරු සාකච්ඡාවක ඉරානය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී විඩියෝ තාක්ෂණය ඔස්සේ සමුළුවක් පැවැත්වීමට රුසියාව යෝජනාවක් ඉදිරිපත් කර ඇත. 17 August 2020
ඉන්දීය හිටපු ජනපති මුඛර්ජි සුව අතට කොවිඩ් 19 ආසාදනය වී සිටින ඉන්දීය හිටපු ජනාධිපති ප්රනාබ් මුඛර්ජිගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරී ඇති බව ඔහුගේ පුත් අභිජිත් මුඛර්ජි උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටී. 16 August 2020
ඩෙන්මාර්කය මුඛ ආවරණ පැලදීම අනිවාර්ය කරයි ඩෙන්මාර්කයේ මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කිරීමට පියවර ගන්නා බව එරට අගමැතිනී මෙට් ෆ්‍රෙඩ්රික්සන් පවසයි. 16 August 2020
‘‘ස්නෝඩන්ට සමාව දීම ගැන සලකා බලනවා‘‘ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක ආයතනයේ කොන්ත්‍රාත් සේවකයකු ලෙස කටයුතු කළ එඩ්වඩ් ස්නෝඩන්ට සමාව දීම සම්බන්ධයෙන් සලකා බලන බව එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 16 August 2020
බෙලරුස්හි සහායට රුසියාව ඉදිරිපත් වෙයි තම රටට බාහිරින් එල්ල වන යුද තර්ජනවලදී ආරක්ෂක සහාය සැපයීමට රුසියාව එකඟ වී ඇතැයි බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ මහතා පවසයි. 16 August 2020
ඉන්දීය අගමැතිගෙන් චීනයට අනතුරු ඇඟවීමක් ඉන්දියාවේ දේශසීමාවට අත නොතබන්න‘යි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා චීනයට අනතුරු ඇඟවීය. අදට (අගෝස්තු 15 වැනිදා) යෙදෙන ඉන්දියාවේ 74 වැනි නිදහස් දිනයේදී ජාතිය අමතමින් ඔහු මෙම අනතුරු ඇඟවීමක් කළේය. සිය ජාතිය ඇමතීමේ කතාවේදී ශක්තිමත් හමුදාවක් ගොඩනැගීමටද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පොරොන්දු විය. 15 August 2020
ජෝ බයිඩන්ගේ උප ජනාධිපති ධූරයට කළු ජාතික කාන්තාවක් තමා ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරයට පත්වුවහොත් සෙනට් සභික කමලා හැරිස් උප ජනාධිපති ධුරයට පත් කරන බව ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් නිවේදනය කළේය. 13 August 2020
ධවල මන්දිරය ඉදිරිපිට වෙඩිතැබීමක් ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති මන්දිරය වන ධවල මන්දිරය ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමක් හේතුවෙන් ආරක්ෂක නිලධාරීහු ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ආරක්ෂිත ස්ථානයක් වෙත රැගෙන ගියහ. 11 August 2020
ඇමෙරිකාවේ බැල්ටිමෝර් හි ගින්නක් ඇමෙරිකා එක්සත් ජනපදයේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ බැල්ටිමෝර් හි සිදු වු පිපිරීමකින් නිවාස රැසකට හානි සිදු වී ඇතැයි වාර්තා වේ. පිපිරීමෙන් එක් පුද්ගලයකු මරණයට පත්ව ඇති බවත් පුද්ගලයන් තිදෙනකු තුවාල ලබා ඇති බවත් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි. 10 August 2020
ලෙබනනයේ අධිකරණ ඇමැතිනි ඉල්ලා අස්වෙයි ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ හමුවේ ලෙබනනයේ තවත් අමාත්‍යවරියකු අද (10) ඉල්ලා අස්විය. මෙසේ ඉල්ලා අස්වූයේ ලෙබනනයේ අධිකරණ අමාත්‍ය ධුරය හෙබවූ මාරි ක්ලෝද් නජීම් මහත්මිය ය. 10 August 2020
ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගන්නා පුද්ගලයින් ගණන ඉහළට මේ වසරේ මුල් මාස 6 තුළදී ඇමෙරිකා පුරවැසියභාවය හිමි පුද්ගලයින් බොහෝ දෙනෙක් එම පුරවැසිභාවය ඉවත්කර ගෙන ඇති බව පර්යේෂණ වාර්තාවක දැක්වේ.මෙම පර්යේෂණය කර ඇත්තේ ’’බැම්බ්‍රිජ් එකවුන්ට්ස්’’ නම් ආයතනයය. ඉකුත් වසරවලට සාපේක්ෂව පුද්ගලයින් මෙලෙස ඇමෙරිකාවේ පුරවැසිභාවය ඉවත් කර ගැනීම ඉහළ ගොස් ඇතැයිද එම ආයතනය නිකුත් කළ පර්යේෂණ වාර්තාවේ සදහන් වේ. 10 August 2020
ලෙබනන පරිසර අමාත්‍යවරයාත් ඉල්ලා අස්වෙයි ප්‍රතිසංස්කරණ කිරීමට ආණ්ඩුව තිබුණු අවස්ථා ගණනාවක් මඟහැරුණු බව පවසමින් ලෙබනනයේ පරිසර අමාත්‍ය දමියනෝස් කට්ටාර් සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වී ඇත. 10 August 2020
විරෝධතා අතරතුරදී ලෙබනනයේ 728 කට තුවාල ලෙබනනයේ බේරූට් අගනුවර පැවැත්වෙන විරෝධතා අතරවාරයේදී 728 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 09 August 2020
ලෙබනනයට ආධාර සොයන්න ජාත්‍යන්තර සමුළුවක් බේරූට් වරායේ සිදු වූ දැවැන්ත පිපිරීමෙන් දරුණු අර්බුදයකට මුහුණ පා සිටින ලෙබනනයට ආධාර සෙවීම සඳහා ජාත්‍යන්තර සමුළුවක් අද (9) විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වේ. 09 August 2020
ලෙබනන තොරතුරු අමාත්‍යවරිය ඉල්ලා අස්වෙයි ලෙබනනයේ තොරතුරු කටයුතු පිළිබඳ අමාත්‍ය මනාල් අබ්දෙල් සමාද් අද (9) එම ධුරයෙන් ඉල්ලා අස් වූවාය. 09 August 2020
කේරළයේ ගුවන් යානයක් කඩාවැටී 18 ක් මරුට දරුණු වැසි සහ සුළං හේතුවෙන් දකුණු ඉන්දියාවේ ගුවන්තොටුපළකදී යානයක් කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 18 දෙනෙකු මිය ගොස් තිබේ. මෙම ගුවන් යානයේ මගීන් 190 ක් පමණ දෙනා ගමන් කර ඇති අතර මියගිය අය අතර ගුවන් යානයේ නියමුවාද වෙයි. 08 August 2020
ඉන්දියාවේ ගුවන් අනතුරින් මියගිය ගණන 15ක් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිදු වූ ගුවන් අනතුරින් 14 දෙනකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි පොලීසිය සඳහන් කරයි. 07 August 2020
ලෙබනන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දිනපතා විවෘතයි ලෙබනනයේ බීරූට් හි පිපිරීම්වලින් එහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට සහ නිලධාරීන්ගේ නිල නිවාසවලට සිදුව ඇති හානි ප්‍රතිසංස්කරණය කරමින් පැවතියද, පිපිරුමෙන් පීඩාවට පත් ලාංකිකයින්ට සහන සැලසීම සඳහා, තානාපති කාර්යාලය දිනපතා විවෘතව පවතින බව ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී. 07 August 2020
’ඉන්දීය හමුදා ජම්මු-කාශ්මීරය වැටලීමට එරෙහිව ලෝක ජනයා හඬ නැගිය යුතුයි’ ඉන්දියානු හමුදා විසින් ජම්මු හා කාශ්මීරයේ සිදුකෙරෙන නීතිවිරෝධී වැටලීම්වලින් පීඩාවිඳින ජනතාවගේ යුක්තිය සහ මානව ගරුත්වය වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාව වහාම ඉන්දියාවට බලපෑම් කළ යුතු බව පාකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් මහතා කියා සිටියේය. 06 August 2020
ඉන්දියාවේ රෝහලක ගින්නකින් කොරෝනා ආසාදිතයෝ 8ක් මරුට ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ බටහිර අහමබාද් නගරයේ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ඇතිවූ ගින්නකින් කොරෝනා ආසාදිතයන් 8දෙනකු මියගොස් ඇතැයි බලධාරීහු පවසති. 06 August 2020
ඉන්දියාවේ ප්‍රවීණ ගායක බාලසුබ්රමනියම්ට කොරෝනා ඉන්දියාවේ ප්‍රවීණ ගායකයෙකු වන එස්.පී බාලසුබ්රමනියම්ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 06 August 2020
අජ්මාන් අගනුවර විශාල ගින්නක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අජ්මාන් අගනුවර පළතුරු සහ එළවළු වෙළෙඳ සැලක අද (5) පස්වරුවේ විශාල ගින්නක් ඇති වී ඇතැයි කලීජ් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කරයි. 06 August 2020
බීරූට් වරායේ පිපිරීමෙන් ලක්ෂ 3 කට නිවාස අහිමි වෙයි බීරූට් හි සිදුවූ දැවැන්ත පිපිරීමෙන් 300,000 ක පමණ පිරිසකට නිවාස අහිමි වී ඇති අතර නගරයෙන් අඩකට පමණ හානි සිදුවී තිබේ. මෙම පිපිරීමෙන් සිදුවූ හානිය ඩොලර් බිලියන 3 කට වඩා වැඩි යැයි ගණන් බලා ඇතැයි බීරූට්හි ආණ්ඩුකාරවරයා කියයි. 05 August 2020
පිපිරීමෙන් මිය ගිය ගණන 78 දක්වා ඉහළට ලෙබනනයේ බීරූට් අගනුවර, නගර මධ්‍යයේ ඊයේ (4) සිදු වූ දැවැන්ත පිපිරීමෙන් 78 දෙනකු මියගොස් 4,000කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි එරට වාර්තා සඳහන් කරයි. 05 August 2020
ලෙබනන පිපිරීමෙන් සිය ගණනක් තුවාල ලබති ලෙබනනයේ බීරූට් අගනුවර සිදු වූ දැවැන්ත පිපිරීමෙන් සිය ගණනකට වඩා වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යවරයා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 04 August 2020
ඇෆ්ගනිස්තානයේ බන්ධනාගාරයකට අයි.එස්. ප්‍රහාරයක් ඇෆ්ගනිස්තානයේ ජලාලාබාද්හී බන්ධනාගාරයක දී ආරක්ෂක අංශ සමඟ ඇති වූ ගැටුමකින් ඉස්ලාමික් ස්ටේට් සටන්කාමීහු දස දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 04 August 2020
මෙක්සිකෝවේදී මාධ්‍යවේදියෙකු ඝාතනය කෙරේ මෙක්සිකෝවේ නිරිතදිග ගුවෙරෙරෝ ප්‍රාන්තයේ දී තුවක්කුකරුවන් පිරිසක් විසින් මාධ්‍යවේදියෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ. 03 August 2020
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026