IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ඉරානයේ සෑම විනාඩි 5කටම එක් කොරෝනා මරණයක්

ඉරානයේ මේ වනවිට කොරෝනා රෝගීන් 300ක් පමණ දිනකට මියයන බව සෞඛ්‍ය බලධාරීහු පවසති. ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ සෑම විනාඩි පහකටම එක් පුද්ගලයෙකු මරණයට පත්වන බවයි.

මේ වනවිට ඉරානයේ බොහෝ රෝහල්වල ධාරිතාවය ඉක්මවා ගොස් ඇති බැවින් තවදුරටත් රෝගීන් බාරගැනීම ගැටලවක් වී ඇති බව ද ඔවුහු පවසති.

මැදපෙරදිග රටවල් අතරින් කොරෝනා වසංගතයේ වැඩිම බලපෑමට ලක්වූ රට වන්නේ ඉරානයයි. සෞඛ්‍ය නීතීන් අනුගමනය කිරීමට ඉරාන වැසියන් අපොහොසත් වුවහොත් මෙය දිනකට මරණ 600ක් දක්වා ඉහල යෑමට ඉඩ ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.

මේ වනවිට ඉරානයේ කොරෝනා ආසාදිතයින් 568,896ක් වාර්තා වී ඇති අතර මරණ 32,616ක් සිදුවී තිබේ.

කෙසේ වුවද ඉරාන පාර්ලිමේන්තුවේ පර්යේෂණ මධ්‍යස්ථානය විසින් සිදුකරන ලද සමීක්ෂණයකින් හෙලිවී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කර ඇති වාර්තා වල සඳහන් ප්‍රමාණයට වඩා දෙගුණයක පමණ රෝගීන් සංඛ්‍යාවක් සිටින බවයි.

ඔක්තෝබර් 03 වැනිදා සිට ටෙහෙරානයේ පාසැල්, පල්ලි, සාප්පු, ආපනශාලා සහ වෙනත් ආයතන වසා දමා ඇත.

ඉරානයේ පළාත් 31න් 21කම කොරෝනා ව්‍යාප්තිය සම්බන්දව රතු නිවේදන නිකුත් කර තිබේ. සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ සමාජ දුරස්ථ භාවය තබාගැනීම වැනි සෞඛ්‍ය රීතීන් අනුගමන කිරීමට ඉරාන වැසියන් උනන්දු නොවන බවයි.

ඉරානයට මේ වන විට පනවා ඇති ඇමරිකානු සම්බාධක හේතුවෙන් වයිරස ව්‍යාප්තිය පාලනය කිරීම ගැටලු සහගත වී ඇතැයි ද ඉරාන බලධාරීහු චෝදනා කරති.

රොයිටර් පුවත් ඇසුරිණි

085



අදහස් (0)

ඉරානයේ සෑම විනාඩි 5කටම එක් කොරෝනා මරණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 31 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2509 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site