IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඇමරිකාව - ඉන්දියාව ආරක්ෂක ගිවිසුමක් අත්සන් කරයි

 

සංවේදී චන්ද්‍රිකා දත්ත හුවමාරු කර ගැනීම සඳහා ඉන්දියාව සහ ඇමරිකාව යුධමය ගිවිසුමක් අත්සන් කර ඇතැයි බීබීසී පුවත් සේවය පවසයි.

මිසයිල, ඩ්‍රෝන හා වෙනත් ඉලක්ක වලට නිවැරදිව ප්‍රහාර එල්ල කිරීම සඳහා එවැනි දත්ත පරිශීලනය අත්‍යාවශ්‍ය වේ.

අද (27) දිල්ලියේ පැවැති ඉහල මට්ටමේ සාකච්ඡා වලින් පසුව මෙම ගනුදෙනුව පිළිබඳ තොරතුරු නිවේදනය කරන ලදී.

චීනය සහ ඉන්දියාව අතර පවතින දැඩි දේශසීමා ගැටුම් මැද ඇමරිකාව සමග මෙවැනි ගිවිසුමකට යෑම කලාපයේ චීනයේ බලපෑමට එරෙහි වීමක් බව විචාරකයෝ පවසති.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්ක් එස්පර් සිය ඉන්දියානු මිත්‍රයා වන රජ්නාත් සිං සමග සාකච්ඡා පැවැත්වූ අතර ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් හමුවිය.

"පසුගිය දශක දෙක තුළ අපගේ ද්වීපාර්ශවීය සබඳතා ක්‍රමයෙන් වර්ධනය වී තිබේ. එමනිසා ජාතික ආරක්ෂාව සම්බන්දව වඩාත් තීව්‍ර ලෙස කටයුතු කිරීමට හැකිවනු ඇත." යැයි ජයශංකර් මහතා පැවසීය.

න්‍යෂ්ටික බලශක්තිය, විකල්ප වෛද්‍ය විද්‍යාව හා භූ විද්‍යාව යන ක්ෂේත්‍ර වල වෙනත් ගනුදෙනු රාශියක් සඳහා ද දෙපාර්ශවය අත්සන් තැබූහ.

බීබීසීය පවසන්නේ මෙම ගනුදෙනුව ඉන්දියාව සහ ඇමරිකාව සිය යුධමය සබඳතා ගැඹුරු කිරීම සඳහා තැබූ ඉදිරි පියවරක් බවයි. ඉන්දියාව ලෝකයේ ආරක්ෂක උපකරණ විශාල වශයෙන් මිලදී ගන්නා රටක් නමුත් එයින් 60% - 70% අතර ප්‍රමාණයක් මිලදී ගන්නේ රුසියාවෙනි. මේ වෙළඳපොල ඇමරිකාව දෙසට නැඹුරු කිරීම ද සාකච්ඡාවේ අරමුණක් විය.

කොරෝනා වසංගතය මධ්‍යයේ සහ ඇමරිකාවේ මැතිවරණයට සතියකට පෙර මෙවැනි සාකච්ඡාවක් පැවැත්වීම ම එය කෙතරම් වැදගත් ද යන්න පෙන්නුම් කරන බව විචාරකයෝ පවසති.

ඇමරිකානු නියෝජිතයන් ඉදිරි දිනවලදී ශ්‍රී ලංකාව, මාල දිවයින සහ ඉන්දුනීසියාව යන රටවල සංචාරය කරනු ඇති අතර කලාපයේ චීනයේ බලපෑමට එරෙහිව සටන් කිරීම මෙම සංචාරයේ ප්‍රධාන තේමාව බව පැවසේ.

සංචාරය සඳහා තෝරාගෙන ඇති රටවල් චීනය සමග ශක්තිමත් සබඳතා සහිත ජාතීන් වෙයි.

බීබීසී ඇසුරිණි

085



අදහස් (3)

ඇමරිකාව - ඉන්දියාව ආරක්ෂක ගිවිසුමක් අත්සන් කරයි

wca Wednesday, 28 October 2020 06:11 AM

මයික් පොම්පියෝ එකම මාස්ක් එක හැමතැනම දාන්නේ... ඉතින් හැදෙන එක අහන්න දෙයක්ද?

:       0       0

Nimal Thursday, 29 October 2020 12:20 PM

මෙහෙන් අපේ අය යවන්න තිබුනා ඉන්දියාවේ සහයට. රතු සහෝදරයෝ ටික යවන්න තිබුනා විරෝධය ප්‍රකාශ කරන්න.

:       0       0

jayaran Thursday, 29 October 2020 03:08 PM

එහෙ රතු සහෝදරවරු නැද්ද? නැති එකේ පාඩුව....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 711 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2379 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1744 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site