පසුගිය සතියේදී දෛනිකව වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන අඩු වී ඇතැයි ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ අනුව පසුගිය සතියේදී ඉන්දියාවෙන් දෛනිකව වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ 1,000ට අඩු යැයි ද එම අමාත්‍යාංශය සඳහන් කරයි. ඔක්තෝබර් 2 වැනිදා සිට ගත වූ කාලයේදී දෛනිකව වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 1,100ට අඩු යැයි ද ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.
ඉන්දියාවේ ‘කොවිඩ්-19’ ආසාදනය වී සුවය ලැබූ ගණන සියයට 90ක ප්‍රතිශතයකට ළඟා වී ඇතැයි ද ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
අවසන් පැය 24 දී වයිරසය ආසාදනය වීමෙන් අනතුරුව සුවය ලැබූ ගණන 62,077ක් බවත් එම පැය 24 දීම වාර්තා වී ඇති ආසාදිතයන් ගණන 50,129ක් බවත් ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.
මේ තත්ත්වය සැලකිල්ලට ගැනීමේදී ඉන්දියාවේ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින වයිරස ආසාදිත රෝගීන්ගේ ගණන සැලකිය යුතු ලෙස අඩුවෙමින් තිබෙන බව ද ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වාදෙයි.
‘‘මේ වනවිට සුවය ලැබූ ගණන රෝහල්වල ප්‍රතිකාර ලබන වයිරස ආසාදිතයන්ගේ ගණන ඉක්මවා ගිහින්’’ යැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඉන්දියාවේ වයිරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලබන ගණන 6,53,717කි. එසේ වුවත් වයිරසය ආසාදනය වී සුවය ලැබූ ගණන 71,37,228කි.
ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 79,09,959කි.
ද හින්දු/ පී.ටී.අයි.
055
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ඉන්දියාවේ කොරෝනා මරණ අඩුවෙයි