
නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ල පාලනය කිරීමේ අරමුණින් ස්පාඤ්ඤය ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර රටටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා ඇත.
ස්පාඤ්ඤය මෙලෙස නව කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා හදිසි නීතිය ප්‍රකාශයට පත් කළේ දෙවැනි වරටය.
මෙම නව හදිසි නීතිය ලබන මැයි මස මුල ක්‍රියාත්මක වන බව ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පෙද්‍රෝ සැන්චේස් පැවැසීය.
රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් ස්පාඤ්ඤ අග්‍රාමාත්‍යවරයා ඒ බව නිවේදනය කළේය.
“අපි දැන් මුහුණ දී සිටින තත්ත්වය දරුණු” යැයි එහිදි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.
ඇඳිරි නීතිය පැනවීමටත් හදිසි නීතිය පැනවීමටත් තීරණය කර ඇත්තේ ඊයේ (25) උදෑසන පැවැති කැබිනට් හමුවේ දීය. එම කැබිනට් හමුව පැය දෙකහාමාරකට ආසන්න කාලයක් පවත්වා ඇත. වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පනවන්නැයි ප්‍රාදේශීය ආණ්ඩුවලින් ඉල්ලීම් ඉදිරිපත් වී තිබෙන අතර ඒ අනුව කැබිනට් මණ්ඩලය රැස්වීම මෙම නව ක්‍රියාමාර්ග ගෙන ඇත.
රාත්‍රී ඇඳිරි නීතිය රාත්‍රී 10 සිට පසුදා උදෑසන 6 දක්වා ක්‍රියාත්මක වන ද ස්පාඤ්ඤ ආණ්ඩුව සඳහන් කළේය.
හදිසි නීතිය තවත් දින 15ක් ක්‍රියාත්මක වන අතර ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමෙන් අනතුරුව තවත් මාස හයක් සඳහා දීර්ඝ කරගන්නා බව ස්පාඤ්ඤ ආණ්ඩුව නිවේදනය කළේය.
ස්පාඤ්ඤය පසුගිය සතියේදී යුරෝපයේ නව කොරෝනා වයිරස ආසාදිතයන් මිලියනය ඉක්මවා ගිය පළමු රට බවට ද පත්විය.
ඒ.එෆ්.පී.
055
2025 නොවැම්බර් මස 17
31
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2509
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ස්පාඤ්ඤය හදිසි නීතිය පනවයි : රටටම ඇඳිරි නීතිය
asiri Monday, 26 October 2020 04:59 AM
ලබන මැයි මාසේ මුල සිට දානකොට වෙන්න ඕන හරිය වෙලා තියෙයි.