
සීෂෙල්ස්හි ජනාධිපතිවරණයෙන් විපක්ෂයේ අපේක්ෂක වේවල් රාම්කලවාන් මහතා ජයග්‍රහණය කර තිබේ.
ජයග්‍රහණය සඳහා ඔහු ජනාධිපති ඩැනී ෆෝර් මහතාට එරෙහිව 54.9%ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගෙන ඇත. ජනපති ඩැනී ෆෝර් ලබාගෙන ඇත්තේ 43.5%ක ප්‍රතිශතයකි.
1977 වසරෙන් පසු සීෂෙල්ස්හි බලය විපක්ෂයට ලැබුණු ප්‍රථම අවස්ථාව මෙයයි.
ඇන්ග්ලිකන් පූජකයෙක්ද වන රාම්කලවාන් මහතා ජයග්‍රහනයෙන් පසු මාධ්‍ය අමතමින් කියා සිටියේ තරගයේ පරාජිතයන් හෝ ජයග්‍රාහකයින් නොමැති බවයි. ෆොර් මහතා සමග සහයෝගයෙන් කටයුතු කරන බවද හෙතෙම පවසා සිටියේය.
"ෆෝර් මහතා සහ මගේ හොඳ මිතුරෙක්. මැතිවරණයක් යනු යම් පුද්ගයෙකු සිය මවුබිමට ඉටුකල සේවයේ අවසානය නොවේ. මෙම මැතිවරණයේ පරාජිතයින් නැත, ජයග්‍රාහකයින් ද නැත. ජනතාව පරම ජයග්‍රාහකයාට අවස්ථාව ලබාදී ඇත." යනුවෙන් රාම්කලවාන් මහතා පැවසීය.
රාම්කලවාන් මහතා මීට පෙර පැවති මැතිවරණ හයකින් පරාජයට පත්විය. ඔහුගේ දිවුරුම් දීම සඳුඳා (26) සිදුවනු ඇත.
බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති සීෂෙල්ස් රාජ්‍යය ස්වාධීනත්වය ලබාගත්තේ 1976 වර්ෂයේ දීය.
ඉන්දියන් සාගරයේ පිහිටි දූපත් සමූහයකින් සමන්විත සීෂෙල්ස්, හෙරොයින් ජාවාරම දරුණු ලෙස ක්‍රියාත්මක වන, දේශගුණික විපර්යාසයන්ගේ දැඩි බලපෑමට නිරතුරුවම ලක්වන රටකි.
බීබීසී ඇසුරිණි
085
2025 නොවැම්බර් මස 04
712
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2379
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1745
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සීෂෙල්ස් ජනපතිවරණයේ ජය විපක්ෂයේ අපේක්ෂක රාම්කලවාන්ට