IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


ආසාදිතයන්ගෙන් යුරෝපයේ රෝහල් පිරෙයි

 

කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ලත් සමඟ වයිරස ආසාදිතයන්ගෙන් යුරෝපයේ රෝහල් පිරී යමින් තිබෙන බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

යුරෝපා කලාපය මේ වනවිට කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ලකට මුහුණ දී සිටින අතර දෛනිකව වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් ඉහළ යමින් තිබේ.

පසුගිය සති කිහිපය තුළ යුරෝපයේ බොහෝ රටවලින් වාර්තා වී තිබූ  කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන දෙගුණ වී ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි.

පෝලන්තය එරට තිබෙන විශාලම ක්‍රීඩාංගනය ක්ෂේත්‍ර රෝහලක් බවට පත් කර තිබේ. ඉකුත් සති දෙකේදී බෙල්ජියම සහ බ්‍රිතාන්‍ය යන රටවලින් වාර්තා වූ වයිරස ආසාදිතයන්ගේ ගණන දෙගුණ වී තිබේ.චෙක් ජනරජයේ වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් අනතුරු අඟවන ඉතා ශීඝ්‍ර වේගයකින් අසනීප වෙමින් තිබෙන බව ද එරටින් වාර්තා වේ.

නව කොරෝනා වයිරසයේ පළමු රැල්ල පැමිණි අවස්ථාවේදී කෙසේ හෝ රෝහල් කළමනාකරණය කරගැනීමට හැකියාව ලැබුණ ද මෙවර තත්ත්වය නරක අතට හැරී ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි.

‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ලත් සමඟ යුරෝපයේ රෝහල්වලට දරාගත නොහැකි තරමින් වයිරස ආසාදිත රෝගීන් පැමිණෙනු ඇතැයි එම අංශ කියයි.

කෙසේ නමුත් දැනට යුරෝපයේ රටවල රෝහල් ගතව සිටින නව කොරෝනා වයිරස ආසාදිත රෝගීන්ගේ ගණන ඉකුත් මාර්තු සහ අප්‍රේල් මාසවල රෝහල් ගතව සිටි ගණනට වඩා අඩු යැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. නව කොරෝනා වයිරස වසංගතයේ පළමු රැල්ලේ උච්ඡතම අවධිය වාර්තා වූයේ පසුගිය මාර්තු සහ අප්‍රේල් මාසවලදී ය. දැනට රෝහල් ගතව සිටින වයිරස ආසාදිතයන්ගේ ගණන එම කාලයේ රෝහල් ගතව සිටි පිරිසෙන් අඩකටත් වඩා අඩු වුවද දෙවැනි රැල්ලත් සමඟ සතිපතා වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන වාර්තා ගත අයුරින් වේගයෙන් වැඩිවෙමින් තිබේ.

මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ වයිරස ආසාදිතයන් රෝහල් ගත කරනවාට වඩා වැඩි වේගයකින් යුරෝපයේ වයිරස ආසාදිතයන් රෝහල් ගත කෙරෙමින් තිබෙන බව ද සෞඛ්‍ය අංශවල නවතම වාර්තා පෙන්වාදෙයි.

(ද නිව්යෝක් ටයිම්ස්)

055

 



අදහස් (0)

ආසාදිතයන්ගෙන් යුරෝපයේ රෝහල් පිරෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31643 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14071 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11100 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 181 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1112 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site