චෙක් රාජ්‍යයේ අග්‍රාමාත්‍ය ඇන්ඩ්‍රෙස් බබිස් සිය සෞඛ්‍ය අමාත්‍යවරයාට ධූරයෙන් ඉවත්වන ලෙස නියෝග කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යවරයාට මෙසේ ඉල්ලා අස්වීමට සිදුවී ඇත්තේ කොරෝනා ව්‍යාප්තියත් සමග වසාදැමීමට නියෝග කර තිබූ අවන්හලක රැස්වීමක් පැවැත්වීම හේතුවෙනි.

කෙසේ වුවත් චෙක් රාජ්‍යයේ සෞඛ්‍ය අමාත්‍ය රෝමන් ප්‍රිමූලා ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කර තිබේ.

හෙතෙම පවසා ඇත්තේ පෞද්ගලික කාමරයක් තුලදී නිලධාරීන් දෙදෙනකු හමුවූ බවත් කිසිදු නීතියක් කඩ නොකළ බවත්ය.

ප්‍රීමූලා මහතා අවන්හලකින් පිටව ගොස් මුහුණු ආවරණයක් නොමැතිව මෝටර් රථයකට ඇතුළු වූ ආකාරයේ ඡායාරූප බ්ලේක්ස් පුවත්පත පලකර තිබිණ.

"අපගේ සෙසු පුරවැසියන්ගේ ජීවිත බේරාගැනීම සඳහා වෛද්‍ය කාර්යමණ්ඩල ඉදිරි පෙලේ සටන් වදින විට එවැනි දෙයකට කිසිසේත්ම සමාව දිය නොහැකිය." යැයි අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ.

කෙසේවුවද චෙක් රාජ්‍යයේ අමාත්‍යවරයෙකු ධූරනේ පහ කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිවයටය.

යුරෝපයේ විශාලතම ඒක පුද්ගල ආසාදන අනුපාතය පවතින්නේ චෙක් රාජ්‍යයේය.

56 හැවිරිදි ප්‍රීමූලා වසංගත රෝග විද්‍යාඥයෙකු වන අතර හමුදා කර්නල්වරයෙකු ද වේ. චෙක් රාජ්‍යයෙන් කොරෝනා ආසාදිතයින් 231,146ක් වාර්තා වන අතර මරණ 1941ක් සිදුවී තිබේ.

පසුගිය පැය 24 තුළ රෝගීන් 14,151ක් තහවුරු කරගෙන ඇත.

රොයිටර් පුවත් ඇසුරිණි

085