IMG-LOGO

2025 මැයි මස 28 වන බදාදා


කොරෝනා නීති කඩකළ සෞඛ්‍ය ඇමතිට අස්වෙන්න කියයි

චෙක් රාජ්‍යයේ අග්‍රාමාත්‍ය ඇන්ඩ්‍රෙස් බබිස් සිය සෞඛ්‍ය අමාත්‍යවරයාට ධූරයෙන් ඉවත්වන ලෙස නියෝග කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යවරයාට මෙසේ ඉල්ලා අස්වීමට සිදුවී ඇත්තේ කොරෝනා ව්‍යාප්තියත් සමග වසාදැමීමට නියෝග කර තිබූ අවන්හලක රැස්වීමක් පැවැත්වීම හේතුවෙනි.

කෙසේ වුවත් චෙක් රාජ්‍යයේ සෞඛ්‍ය අමාත්‍ය රෝමන් ප්‍රිමූලා ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කර තිබේ.

හෙතෙම පවසා ඇත්තේ පෞද්ගලික කාමරයක් තුලදී නිලධාරීන් දෙදෙනකු හමුවූ බවත් කිසිදු නීතියක් කඩ නොකළ බවත්ය.

ප්‍රීමූලා මහතා අවන්හලකින් පිටව ගොස් මුහුණු ආවරණයක් නොමැතිව මෝටර් රථයකට ඇතුළු වූ ආකාරයේ ඡායාරූප බ්ලේක්ස් පුවත්පත පලකර තිබිණ.

"අපගේ සෙසු පුරවැසියන්ගේ ජීවිත බේරාගැනීම සඳහා වෛද්‍ය කාර්යමණ්ඩල ඉදිරි පෙලේ සටන් වදින විට එවැනි දෙයකට කිසිසේත්ම සමාව දිය නොහැකිය." යැයි අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ.

කෙසේවුවද චෙක් රාජ්‍යයේ අමාත්‍යවරයෙකු ධූරනේ පහ කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිවයටය.

යුරෝපයේ විශාලතම ඒක පුද්ගල ආසාදන අනුපාතය පවතින්නේ චෙක් රාජ්‍යයේය.

56 හැවිරිදි ප්‍රීමූලා වසංගත රෝග විද්‍යාඥයෙකු වන අතර හමුදා කර්නල්වරයෙකු ද වේ. චෙක් රාජ්‍යයෙන් කොරෝනා ආසාදිතයින් 231,146ක් වාර්තා වන අතර මරණ 1941ක් සිදුවී තිබේ.

පසුගිය පැය 24 තුළ රෝගීන් 14,151ක් තහවුරු කරගෙන ඇත.

රොයිටර් පුවත් ඇසුරිණි

085

 



අදහස් (0)

කොරෝනා නීති කඩකළ සෞඛ්‍ය ඇමතිට අස්වෙන්න කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 173 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 535 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 289 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site