
ජේම්ස් බොන්ඩ්ගේ චරිතය නිරූපණය කරමින් ලොව පුරා ප්‍රසිද්ධියට පත්වූ ස්කොට්ලන්ත ජාතිකයකු වන හොලිවුඩ් නළු ෂෝන් කොනරි මියගොස් ඇතැයි වාර්තා වේ. මියයන විට ඔහු 90 හැවිරිදි වියේ පසුවිය.
1988 වසරේදී ඔස්කාර් සම්මානය ද දිනාගත් කොනරි දශක පහක පමණ කාලයක් රංගන කාර්යයේ නිරත විය.
හයිලෑන්ඩර්, ඉන්ඩියනා ජෝන්ස්, ද රොක්, ද ලාස්ට් කෘසේඩි, හන්ට් ෆො රෙඩි ඔක්තෝබර් ඔහු ජනප්‍රියත්වයට පත් අනෙකුත් විත්‍රපට වේ.
කොනරි වෘත්තීයෙන් හමුදා නිලධාරියෙකි. වසර 2000 දී බ්‍රිතාන්‍යයේ නයිට් පදවියෙන් ද පුදනු ලැබූ කොනරි 2008 වසරේදී සිනමා දිවියෙන් විශ්‍රාම ගියේය.
කොනරිගේ පුත්‍රයා පවසා ඇත්තේ කොනරි කලක සිට අසනීපයෙන් පසුවූ බවයි.
කොවිඩ් අවදානම පහව ගිය වහාම අනුස්මරණ උත්සවයක් පැවැත්වීට කටයුතු සූදානම් කර ඇති බව කොනරිගේ ප්‍රකාශිකා නැන්සි සෙප්ට්සර් පවසයි.
බීබීසී ඇසුරිනි
085
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ චුටිම කාලයේ මගේ හිතේ හැමවෙලේම රඟපෑ චරිතයක් තමයි ජේම්ස් බොන්ඩ්. මට මතකයි මම තන්ඩර්බෝල් දෙවෙනිවර පෙන්වද්දී බැලුවා. ඒ කාලයේ ඩීමන් ආනන්දගේ පොත්කියලා පිටු 96 ක කතා පොත් තිබුනා. ඒ පොත්වල කියවුනේම ජෙම්ස්බෝන්ඩ් ගේ වැඩ කිඩ. පාසලේදී ඔය පොත් කියවලා අහුවුනොත් ඉතින් ඉවරෙටම ඉවරයි. ඒ කාලයේ නිතරම වගේ ඔය ඩීමන් ආනන්දගේ ජෙම්ස්බෝන්ඩ් පොතක්, දෙකක් පාසලේදී අපේ යහළුවන් අතරේ හුවමාරු වෙනවාමයි. පොතක් බලලා ඉවරවුනාට පස්සේ ඉතින් ජෙම්ස්බෝන්ඩ් මතේ ඔළුවට ගහලා කොල්ලෝ එක්ක වලි ඇදගත්ත මගේ යහළුවනුත් හිටියා. මම හිතාගෙන හිටියේ ලංකාවේ ඩීමන් ආනන්දගේ කතන්දර තමයි ෆිල්ම්ස් හදන්න ගන්නේ කියලා. නමුත් දවසක් මගේ තාත්තා මට කියලා දුන්නා ඉයන් ෆ්ලෙමින්ග් තමයි ජෙම්ස්බෝන්ඩ් ගේ නිර්මාතෘවරයා කියලා. එදාමෙදාතුර ජේම්ස් බොන්ඩ්ගේ චරිතය නළුවන් කිහිප දෙනෙක්ම රඟපෑවා. නමුත් ෂෝන් කොනරි තරමටම අනෙකුත් නළුවන්ගේ රඟපෑම් මා සිත් නොගත්තේ ...මම ෂෝන් කොනරිගේ රඟපෑමට වශීවී සිටිනිසාද..? නැතිනම් ඇත්තටම ඔහුගේ රඟපෑමේ විශිෂ්ටත්වය නිසාද කියා තවමත් නොදනිමි. ලෝකයක් වශිකල ඒ විශිෂ්ට රංග වේදියානන්ට ඔහු පැතු ලෙස දෙවියන්ගේ රාජධානියේ දොරටු විවරවෙවා...!!!
අපි පුංචි කාලේ ආසාවෙන් බලපු රොබින් හුඩ් එකේ රගපාන්නේ මෙයාගේ පුතා ජෙසන් කොනරි. තාත්තා වගේම දක්ෂ මිනිස්සු සිත් සතන් ඇතුළටම ගිය නලුවෙක් එයත්...
ඔබ වැනි දක්ෂ නලුවෙකු බිහිවන්නේ කලාතුරකිනි.. අප තරුන වියෙ ඔබ අප කුල්මත් කල අයුරු කවදාවත් අමතක නොවේ.
යුග 3 කට වඩා කාලයක් අප පිනවූ අති දක්ෂ නළුවෙක්. මගේ සංවේගය...!
කුඩාකල සිට මගේ සිත්ගත් දක්ෂ නලුවෙක්... ඔබට නිවන් සුව...
කවුද අර ඩිස්ලයික් දාපු ගොබ්බයා.... ?
ඉපදුනොත් මැරෙනවා මැරුනොත් නැවත, කරලා තිබෙන පව් පින් අනුව, කොහේ හෝ උපදිනවා. ඒ ඉපදුණාම කර තිබෙන කර්මවලට අනුකුලව ලෙඩරෝග සහ දුක සැප අයිති වෙනවා. ඔබ පව්කාර නොමැතිනම් ඇමරිකාවේ දක්ෂ නළුවෙකු වීමේ වාසනාවෙන් නැවත උපදින්න.
ඔබලා දක්ෂය නළුවන් වුනේ අධ්‍යක්ෂවරුන් නිසා යයි මට සිතෙනවා. ඔබලාගේ රඟපෑම් නිවැරදි කරන්න ඒ කාලේ කොපමණ සෙලුලොයිඩ් පටි අහක යන්න ඇද්ද? ඔබලාව පුහුණු කරන්න කොපමණ වියදම් කරන්න ඇද්ද? ඒ බව "ගෝඩ් ෆාදර්' බැලීමේදී කියවෙනවා. අන්තිමට අපි කියනවා ඔබලා දක්ෂ නළුනිළියන් කියලා.