
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් නව රෝමානු කතෝලික කාදිනල්වරුන් 13 දෙනකු අද (25) නම්කරන ලදී.
එයින් කාදිනල්වරු 9දෙනෙක් වයස අවුරුදු 80ට අඩු අය වෙති. මෙම නවදෙනා තෝරාපත්කර ඇත්තේ ඡන්දයෙනි.
ඔවුන් ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථවීමෙන් හෝ ඉල්ලා අස්වීමෙන් පසු ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස තෝරාපත්කර ගැනීම සඳහා සුදුසුකම් ලබා ඇත. ඔවුන් අතර වොෂින්ටන් අගරදගුරු විල්ටන් ග්‍රෙගරි තුමෝ ද සිටිති.
ඡන්දයෙන් තෝරාගනු නොලැබූ වයස 80ට වැඩි කාදිනල්වරු සිව්දෙනා කතේලික සභාවට කළ දීර්ඝ සේවය කළ දීර්ඝ සේවය හේතුවෙන් උසස්වීම ලැබූ අය වෙති.
ලබන මාසයේ වතිකානුවේ පැවැත්වෙන උත්සවයකදී ඔවුන් නව තනතුරට උසස් කරනු ඇත.
පාප්වහන්සේ විසින් මෙම නිවේදනය සිදුකර ඇත්තේ ශාන්ත පීතර චතුරශ්‍රයේ පිහිටි කාදිනල් මැදුරේ ජනේලයෙන් බැතිමතුන් අමතන අවස්ථාවේදී ය.
රොයිටර් පුවත් ඇසුරිණි
085

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd