IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


රුසියාවේ නැවතත් දැඩි සීමා


දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩිවීමත් සමඟ කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා තිබෙන සීමා දැඩි කිරීමට රුසියාව අද (27) පියවර ගත්තේ ය.

පොදු ස්ථානවලදී මුඛ ආවරණ පැලඳීම අනිවාර්ය කිරීමට ද රුසියානු බලධාරීහු පියවර ගත්හ. ඒ අනුව ජනාකීර්ණ ස්ථානවලදී, පොදු ප්‍රවාහනයේදී, කුලී රථවලදී සහ විදුලි සෝපානවලදී මුඛ ආවරණ පැලඳීම අනිවාර්ය වේ.

පස්වරු 11 සිට පසුදා උදෑසන 6 වනතෙක් පොදු උත්සව හා ඉසව් පැවැත්වීම තහනම් වන අතර එම කාලයේදී ආපනශාලා සහ අවන්හල් ද වසා තැබිය යුතු ය.

රුසියාවෙන් අඟහරුවාදා, එනම් අද (27) පෙරවරුවෙන් අවසන් වූ පැය 24 ක කාලයේදී වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන 320කි.

ලොව සිවුවැනියට වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ රුසියාවෙන් වන අතර එරටින් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 1,547,774කි. රුසියාවෙන් වාර්තා වන සමස්ත වයිරස ආසාදිතයන්ගේ ගණන 26,589කි.

රුසියාව තුළ නව කොරෝනා වයිරසය පැතිර යෑමේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත්තේ මොස්කව් නුවර වන අතර අවුරුදු 65 වැඩි පිරිස්වලට නිවෙස්වලට වී සිටින්නැයි ද බලධාරීහු මේ මස මුලදී දැනුම් දුන්හ.

වයිරසය පැතිර යෑම ආරම්භ වූ අවස්ථාවේදී රටටම බලපැවැත්වෙන පරිදි අගුළු දැමීමට රුසියානු බලධාරීහු පියවර ගත්හ.

ඒ.එෆ්.පී.

055



අදහස් (2)

රුසියාවේ නැවතත් දැඩි සීමා

Lenin Wednesday, 28 October 2020 02:54 PM

මීට මාසයකට පමණ පෙර පුටින් කියා සිටියේ රුසියාව විසින් “පළමු කොවිඩ් එන්නත” සොයාගෙන, පරීක්ෂා කර, සහ එහි පුරවැසියාට බෙදා හැරීම සඳහා ලබා දී ඇති බවයි. පුටින් තම දේශපාලන න්‍යාය පත්‍රය ප්‍රවර්ධනය කිරීම සඳහා කතන්දර ගොතාලීමට ට්‍රම්ප්ගෙන් ඉගෙන ගනී.

:       0       0

senaThursday, 29 October 2020 08:29 AM

සම්පුර්ණයෙන් වැරදි කතාවක්, පුටින් ඔය වැඩ ඉගෙනගන්න ඇත්තේ අපේ දේශපාලකයන්ගෙන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 31 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2509 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site