IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඉන්දියාවේ ආසාදිතයන් ගණන මිලියන 8 ඉක්මවයි

 

ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන අද (29) මිලියන අට ඉක්මවා ගියේය.

ඇමෙරිකා එක්සත් ජනපදයට පසු ලොව වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.

බිලියන 1.3 ජනගහනයක් ජීවත්වන ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන 120,000 ඉක්මවයි.

ඇමෙරිකාවෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 9.1 ඉක්මවා ගොස් තිබෙන අතර එරටින් වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන 230,000කට ආසන්න වී තිබේ.

ඉන්දියාව ලෝකයේ අන් රටවල් හා සැසඳීමේදී අඩුම වයිරස ආසාදිත මරණ අනුපාතයක් ඇති රටක් වන අතර එරටින් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන ද පසුගිය කාලයේ අඩු වූ බව ඉන්දීය සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත.

කෙසේ නමුත් ඉදිරියේදී පැමිණෙන උත්සව සමයත් සමඟ දෛනිකව වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩි වීමේ අවදානමක් ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. ඉන්දියාවේ ප්‍රධානම ආගමික උත්සවයක් වන දීවාලි උත්සවය නොවැම්බර් 14 වැනිදා ට යෙදී තිබේ.

ඉන්දියාවේ ඇඟලුම් අමාත්‍යවරිය වන ස්මිත්‍රි ඉරානිට ද නව කොරෝනා වයිරස ආසාදනය වී ඇතැයි වාර්තා වන අතර ඉන්දියාවේ මහ බැංකු අධිපතිවරයාට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි මේ සතිය මුලදී වාර්තා විය. ඉන්දියාවේ කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනකුට නව කොරෝනා වයිරසය ආසාදනය වූ බව මීට පෙර වාර්තා විය.

‘‘උත්සව පැමිණෙනවා. සෑම ප්‍රාන්තයක්ම පරෙස්සම් විය යුතු. අපි තවත් මාස තුනක් වත් පරෙස්සම් වෙන්න ඕනෑ. අවධානයෙන් ඉන්න අවශ්‍ය’’ යැයි ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍ය හර්ෂ් වර්ධන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ඒ.එෆ්.පී.

055



අදහස් (0)

ඉන්දියාවේ ආසාදිතයන් ගණන මිලියන 8 ඉක්මවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 711 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2379 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1744 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site