IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඇමෙරිකාවේ මිලියන 80ක් දැනටමත් ඡන්දය ප්‍රකාශ කරලා

 

ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලෝරීඩා විශ්වවිද්‍යාලයේ, ඇමෙරිකා එක්සත් ජනපද මැතිවරණ ව්‍යාපෘතියේ දත්ත ගණනය කිරීම්වලට අනුව ඊයේ (29) වනවිට ඇමෙරිකානුවන් මිලියන 80ක් ඡන්දය ප්‍රකාශ කර ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය නොවැම්බර් 3 වැනිදා පැවැත්වීමට නියමිත ය. දැනට කර ඇති ගණනය කිරීම්වලට අනුව මිලියන 80කට වැඩි පිරිසක් ඡන්දය ප්‍රකාශ කර තිබෙන අතර ඒ අනුව සියවසකට පසු වැඩිම පිරිසක් ඡන්දය ප්‍රකාශ කළ ජනාධිපතිවරණය මෙය වනු ඇතැයි පැවසේ.

මේ වනවිට වාර්තාගත වේගයකින් ඇමෙරිකානුවන් ඡන්දය ප්‍රකාශ කර තිබෙන අතර 2016 වසරේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය අඩකට වඩා ඉක්මවා ගොස් ඇතැයි ද වාර්තා වේ. 

අවසන් වරට පැවැති මැතිවරණයෙන් ඇමෙරිකානුවන් මිලියන 136ක් ඡන්දය ප්‍රකාශ කර තිබූ අතර මේ වනවිට එම සංඛ්‍යාවෙන් සියයට 58කට වැඩි ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇත.
ඇමෙරිකාවේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෙවැනි සහ අවසන් ධුර කාලය සඳහා රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අතර ඔහුගේ ප්‍රතිවාදියා වී ඇත්තේ ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරන ජෝ බයිඩන් ය.

 බැරැක් ඔබාමා ඇමෙරිකාවේ ජනාධිපති ධුරය දරන සමයේදී ජෝ බයිඩන් එරට උප ජනාධිපති ධුරය හෙබවීය.
මැතිවරණ දිනයේදී ඡන්දය ප්‍රකාශ කරන ස්ථානවල නව කොරෝනා වයිරසය පැතිර යෑමේ අවදානමක් තිබුණ ද මේ වනවිටත් ජනතාව විශාල වශයෙන් මේ වනවිටත් ඡන්දය ප්‍රකාශ කර ඇත. ඇතැම් පිරිස් ඡන්ද මධ්‍යස්ථානයට යමින් ද ඇතැම් පිරිස් තැපෑල මාර්ගයෙන් ද ඡන්දය ප්‍රකාශ කර ඇත.
 
ජාතික මට්ටමින් කර ඇති මත විමසුම්වලින් මේ වනවිට ඉදිරියෙන් සිටින්නේ ජෝ බයිඩන් ය. ‘කොවිඩ්-19’ පාලනය කිරීමේ දී ට්‍රම්ප් පරිපාලනය අසමත් වූ බව ඇමෙරිකාවේ බොහෝදෙනකුගේ අදහස වී තිබේ.
 
නව කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ මියගිය ගණන 227,000කට ආසන්න වී තිබෙන අතර තවමත් ලොව වැඩිම වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ද ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.
 
එමෙන්ම තැපෑල මගින් ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමයට ඩිමොක්‍රටික් පක්ෂය කැමැත්තක් දැක්වූව ද රිපබ්ලිකන් පක්ෂය විශේෂයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊට දැඩි ලෙස විරුද්ධ විය. මේ වනවිට ප්‍රකාශිත ඡන්ද විශේෂයෙන්ම තැපෑල මර්ගයෙන් ප්‍රකාශ කරන ලද ඡන්ද හේතුවෙන් ඩිමොක්‍රටික් පක්ෂයට සැලකිය යුතු වාසියක් ලැබී ඇතැයි ද පැවසේ.
 
 
ඉතිහාසය දෙස බැලීමේදී රිපබ්ලිකන් පාක්ෂිකයෝ විශාල වශයෙන් ඡන්දය ප්‍රකාශ කරති. තැපෑල මගින් ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදය මගින් වංචා හා දූෂණ සිදුවිය හැකි යැයි ට්‍රම්ප් ඇතුළු රිපබ්ලිකන් පක්ෂය සඳහන් කරයි.
 
 
ඇමෙරිකානු ජනාධිපතිවරණයට අදාළව රිපබ්ලිකන් පක්ෂය හා ඩිමොක්‍රටික් පක්ෂය ප්‍රාන්ත 20 ලියාපදිංචි ඡන්ද දායකයන්ගේ දත්ත වාර්තා නිකුත් කර තිබූ අතර ඒ අනුව ජනාධිපතිවරණයට ලියාපදිංචි වී සිටින ඩිමොක්‍රටික් ඡන්ද දායකයන්ගෙන් මිලියන 18.2ක් ඡන්දය ප්‍රකාශ කර ඇත. 
 
ඡන්දය ප්‍රකාශ කර ඇති රිපබ්ලිකයන් පාක්ෂික ඡන්ද දායකයන්ගේ ගණන මිලියන 8.8කි. කිසිදු පක්ෂයකට සම්බන්ධයක් නැති පිරිසගේ ගණන මිලියන 8.8කි. ඔවුන්ගේ ඡන්දය බෙදී ගොස් ඇති ආකාරය තවමත් වාර්තා වී නැත.
 
අවසන් ජනාධිපතිවරණයේ ප්‍රකාශිත ඡන්ද ගණන වන මිලියන 138 මෙවර පහසුවෙන්ම ඉක්මවා යනු ඇතැයි විශේෂඥයෝ අනාවැකි පළ කර ඇත. පසුගිය වර ජනාධිපතිවරණයේදී මැතිවරණ දිනයේදී ප්‍රකාශිත ඡන්ද ගණන මිලියන 47ක් විය.
 
රොයිටර් 
 
(055)

 



අදහස් (0)

ඇමෙරිකාවේ මිලියන 80ක් දැනටමත් ඡන්දය ප්‍රකාශ කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 711 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2379 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1744 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site