
ග්වාතමාලාව හරහා හමා ගිය එටා සුළි කුණාටුවෙන් ඇතිවූ ධාරාණිපාත වර්ෂාව හා නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 50 දෙනකු පමණ මියගොස් තිබේ.
කන්දක් කඩාවැටීම හේතුවෙන් නිවාස 20ක් පමණ මඩවලට යටවී ඇතැයි ග්වාතමාලා ජනපති අලිසැන්ද්‍රෝ ගමාතේ පවසයි.
ගංවතුරින් නිවාස සහ වාහන යටවී ඇති අතර දේපල හානි සිදුවී තිබේ.කාලගුණ අංශ පවසන්නේ එක් දිනක් තුළ දැඩි වර්ෂාවක් ඇද හැලීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවූ බවයි.
නිකරගුවාවට හා අසල්වැසි හොන්ඩ්‍යුරාස් දේශයට ද එටා සුළි කුණාටුවෙන් හානි සිදුවී තිබේ.
මෙම රටවල් ඇතුලත් වන මධ්‍යම ඇමරිකානු කළාපයේ පමණක් එටා කුණාටුව හේතුවෙන් පුද්ලයන් 70 කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
එළඹෙන සති අන්තයේ කියුබාවට හා ෆ්ලොරීඩාවට ඊසාන දෙසින් තවදුරටත් ශක්තිමත්ව කුණාටුව ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව ඇමරිකා එක්සත් ජනපද ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය පවසයි.

බීබීසී ඇසුරිණි
085

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd