
ජෝශප් ආර්. බයිඩන් ජූනියර් හෙවත් ජෝ බයිඩන් මේ වනවිට ජනාධිපති ධුරයට සමීප වෙමින් සිටින්නේ පෙන්සිල්වේනියා සහ ජෝර්ජියා යන ජනපද දෙකේදීම ට්‍රම්ප් පසු කර යමිනි. ධවල මන්දිරය කරා ගමන් ගන්නා ගමනේදී ඡන්ද සමූහ එසේත් නැතිනම් ඡන්ද සමූහ 270ක බලය තහවුරු කරගත යුතු අතර හිටපු උප ජනාධිපති ජෝ බයිඩන් මේ වනවිට ඒ ආසන්නයටම පැමිණ ඇත.
ඇමෙරිකානු මාධ්‍ය ඇතුළු ඇතැම් විදෙස් මාධ්‍ය ජෝ බයිඩන් ඡන්ද සමූහ 264ක බලය තහවුරු කරගෙන ඇතැයි වාර්තා කළ නමුදු ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත වාර්තා කර තිබුණේ එම ගණන 253ක් ලෙස ය. ජෝ බයිඩන් පෙන්සිල්වේනියා ජනපදයේ මේ වනවිට ගණනය කර ඇති ඡන්ද අනුව ට්‍රම්ප්ට වඩා ඡන්ද 5,600කින් ඉදිරියෙන් සිටීමට සමත්ව වී ඇත. එම පරතරය දිගටම පවත්වාගැනීමට හැකියාව ලැබුණහොත් බයිඩන් ට ඡන්ද සමූහ 20ක් හිමිවන අතර ඒ අනුව ඇමෙරිකාවේ ජනාධිපතිවරයා වීමට අවශ්‍ය ඡන්ද සමූහ හෙවත් ඡන්ද ගණ 270 ඉක්මවා යෑමට අවස්ථාව හිමිවනු ඇත.
ජෝ බයිඩන් දැනටමත් ජනාධිපති ධුරයේ රාජකාරී ආරම්භ කිරීමට සූදානම් බව පෙන්නුම් කර ඇති අතර හෙතෙම බ්‍රහස්පතින්දා දිනයේදී නව කොරෝනා වයිරස වසංගතය සම්බන්ධයෙන් සිය සාකච්ඡා පවත්වා ඇත. ජෝ බයිඩන්ගේ ආර්ථික සහ සෞඛ්‍ය උපදේශකයන් සම්බන්ධ කරගනිමින් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇත.
තීරණාත්මක ජනපදවල තවමත් ඡන්දය ගණනය කෙරෙන අතර ඉවසීමෙන් සිටින්නැයි ඩෙලවෙයාර්හි විල්මින්ග්ටන්හිදී මාධ්‍යාවේදීන් අමතමින් ජෝ බයිඩන් පැවැසීය.
‘‘ප්‍රජාතන්ත්‍රවාදය ඇතැම් විටෙක ආකූල ව්‍යාකූල වෙන්න පුළුවන්” යැයි ද හෙතෙම කීය.
මැතිවරණය ක්‍රියාවලිය අවසන් වන තෙක් ඉවසීමෙන් කටයුතු කරන්නැයි ජෝ බයිඩන් එසේ ඉල්ලීම් කරද්දි වත්මන් ජනාධිපති ට්‍රම්ප් ඊට වෙනස් අදහස් දරයි.
මැතිවරණයේදී වංචාවක් සිදුව ඇතැයි ද ඩිමොක්‍රටික් පක්ෂය, මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඇතුළු බොහෝ පාර්ශව තමන්ට දෙවැනි ධුර කාලයක් ලැබීමට වැළැක්වීමට උත්සාහ කරන්නේ යැයි ද ට්‍රම්ප් දිගින් දිගටම චෝදනා කරයි.
ජනාධිපති ට්‍රම්ප්ට මේ වනවිට ඉතිරිව ඇත්තේ නීතිමය වශයෙන් ක්‍රියාමාර්ග ගනිමින් අභියෝග කිරීම පමණක් වන අතර ජෝ බයිඩන් ඡන්ද ලබාගනිමින් ඉදිරියට සිටින අතර පෙන්සිල්වේනියා ප්‍රාන්තයේද ඉදිරියට යෑමට සමත්ව ඇත. ඩිමොක්‍රටික් අපේක්ෂකයකු අවසන් වරට ජෝර්ජියා ජනපදයේ ජයග්‍රහණය ලබා ඇත්තේ 1992 වසරේදී ය. අවසන් වරට එලෙස ජෝර්ජියා ජනපදයේ ජය ලැබූ ඩිමොක්‍රටික් අපේක්ෂකයා වන්නේ බිල් ක්ලින්ටන් ය.
‘ද නිව්යෝක් ටයිම්ස්’ ඇසුරිනි
- 055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැත්තෑ අටක් වෙලත් තම ගතෙහි සිතේ... තූරුණුබව නැසී නැති හැටි පුදුම සිතේ ... උප ජනපති ලෙසින් වැඩකර දැනුම ඇතේ ... වයස ගියත් තරුණයන් ලොව සිටිනු ඇතේ...
පරාජය පෙනිපෙනීත් ඒකේ එල්ලිලා ඉන්න ට්‍රම්ප්ට ලජ්ජාවක් නැද්ද? ඒකට මොකද ප්‍රජාතන්ත්‍රවාදය ගැන ලෝකෙට බණ කියනවා. ජයග්‍රාහකයාට අවස්ථාවදී තමන් ගෙදර යාම සැබෑ ප්‍රජාතන්ත්‍රවාදියෙකුගේ කාර්යයයි. ඒකට මොකද ට්‍රම්ප් පරාජය බාරනොගෙන තමන් ජයග්‍රාහකයා කියමින් උසාවි යන්න හදනවා...
හිලරි කියා කාන්තාවක් පිටුපසින් ඇති. කමලා හැරිස් තව පැත්තකින් ඇති. යුද අපරාධ බොරුවට ඇදබානු ඇති. ලංකාවට නම් තව පව් දෙනවා ඇති.
ඇමරිකාවේ තදවර්ණ සමක් තිබෙන අයට අබ සරණයි. වරක් කළු ඇමරිකානුවන්ව ප්‍රෙඩෙටර්ස්ලා කියලා හඳුන්වපු වර්ගවාදියෙක්...