IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


ජෝ බයිඩන් ඡන්ද සමූහ 270 ආසන්නයටම



ජෝශප් ආර්. බයිඩන් ජූනියර් හෙවත් ජෝ බයිඩන් මේ වනවිට ජනාධිපති ධුරයට සමීප වෙමින් සිටින්නේ පෙන්සිල්වේනියා සහ ජෝර්ජියා යන ජනපද දෙකේදීම ට්‍රම්ප් පසු කර යමිනි. ධවල මන්දිරය කරා ගමන් ගන්නා ගමනේදී ඡන්ද සමූහ එසේත් නැතිනම් ඡන්ද සමූහ 270ක බලය තහවුරු කරගත යුතු අතර හිටපු උප ජනාධිපති ජෝ බයිඩන් මේ වනවිට ඒ ආසන්නයටම පැමිණ ඇත.

ඇමෙරිකානු මාධ්‍ය ඇතුළු ඇතැම් විදෙස් මාධ්‍ය ජෝ බයිඩන් ඡන්ද සමූහ 264ක බලය තහවුරු කරගෙන ඇතැයි වාර්තා කළ නමුදු ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත වාර්තා කර තිබුණේ එම ගණන 253ක් ලෙස ය. ජෝ බයිඩන් පෙන්සිල්වේනියා ජනපදයේ මේ වනවිට ගණනය කර ඇති ඡන්ද අනුව ට්‍රම්ප්ට වඩා ඡන්ද 5,600කින් ඉදිරියෙන් සිටීමට සමත්ව වී ඇත. එම පරතරය දිගටම පවත්වාගැනීමට හැකියාව ලැබුණහොත් බයිඩන් ට ඡන්ද සමූහ 20ක් හිමිවන අතර ඒ අනුව ඇමෙරිකාවේ ජනාධිපතිවරයා වීමට අවශ්‍ය ඡන්ද සමූහ හෙවත් ඡන්ද ගණ 270 ඉක්මවා යෑමට අවස්ථාව හිමිවනු ඇත.

ජෝ බයිඩන් දැනටමත් ජනාධිපති ධුරයේ රාජකාරී ආරම්භ කිරීමට සූදානම් බව පෙන්නුම් කර ඇති අතර හෙතෙම බ්‍රහස්පතින්දා දිනයේදී නව කොරෝනා වයිරස වසංගතය සම්බන්ධයෙන් සිය සාකච්ඡා පවත්වා ඇත. ජෝ බයිඩන්ගේ ආර්ථික සහ සෞඛ්‍ය උපදේශකයන් සම්බන්ධ කරගනිමින් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇත.

තීරණාත්මක ජනපදවල තවමත් ඡන්දය ගණනය කෙරෙන අතර ඉවසීමෙන් සිටින්නැයි ඩෙලවෙයාර්හි විල්මින්ග්ටන්හිදී මාධ්‍යාවේදීන් අමතමින් ජෝ බයිඩන් පැවැසීය.

‘‘ප්‍රජාතන්ත්‍රවාදය ඇතැම් විටෙක ආකූල ව්‍යාකූල වෙන්න පුළුවන්” යැයි ද හෙතෙම කීය.

මැතිවරණය ක්‍රියාවලිය අවසන් වන තෙක් ඉවසීමෙන් කටයුතු කරන්නැයි ජෝ බයිඩන් එසේ ඉල්ලීම් කරද්දි වත්මන් ජනාධිපති ට්‍රම්ප් ඊට වෙනස් අදහස් දරයි.

මැතිවරණයේදී වංචාවක් සිදුව ඇතැයි ද ඩිමොක්‍රටික් පක්ෂය, මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඇතුළු බොහෝ පාර්ශව තමන්ට දෙවැනි ධුර කාලයක් ලැබීමට වැළැක්වීමට උත්සාහ කරන්නේ යැයි ද ට්‍රම්ප් දිගින් දිගටම චෝදනා කරයි.

 

ජනාධිපති ට්‍රම්ප්ට මේ වනවිට ඉතිරිව ඇත්තේ නීතිමය වශයෙන් ක්‍රියාමාර්ග ගනිමින් අභියෝග කිරීම පමණක් වන අතර ජෝ බයිඩන් ඡන්ද ලබාගනිමින් ඉදිරියට සිටින අතර පෙන්සිල්වේනියා ප්‍රාන්තයේද ඉදිරියට යෑමට සමත්ව ඇත. ඩිමොක්‍රටික් අපේක්ෂකයකු අවසන් වරට ජෝර්ජියා ජනපදයේ ජයග්‍රහණය ලබා ඇත්තේ 1992 වසරේදී ය. අවසන් වරට එලෙස ජෝර්ජියා ජනපදයේ ජය ලැබූ ඩිමොක්‍රටික් අපේක්ෂකයා වන්නේ බිල් ක්ලින්ටන් ය.

‘ද නිව්යෝක් ටයිම්ස්’ ඇසුරිනි
 - 055



අදහස් (4)

ජෝ බයිඩන් ඡන්ද සමූහ 270 ආසන්නයටම

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 07 November 2020 07:51 AM

හැත්තෑ අටක් වෙලත් තම ගතෙහි සිතේ... තූරුණුබව නැසී නැති හැටි පුදුම සිතේ ... උප ජනපති ලෙසින් වැඩකර දැනුම ඇතේ ... වයස ගියත් තරුණයන් ලොව සිටිනු ඇතේ...

:       8       26

Rohana Saturday, 07 November 2020 09:15 AM

පරාජය පෙනිපෙනීත් ඒකේ එල්ලිලා ඉන්න ට්‍රම්ප්ට ලජ්ජාවක් නැද්ද? ඒකට මොකද ප්‍රජාතන්ත්‍රවාදය ගැන ලෝකෙට බණ කියනවා. ජයග්‍රාහකයාට අවස්ථාවදී තමන් ගෙදර යාම සැබෑ ප්‍රජාතන්ත්‍රවාදියෙකුගේ කාර්යයයි. ඒකට මොකද ට්‍රම්ප් පරාජය බාරනොගෙන තමන් ජයග්‍රාහකයා කියමින් උසාවි යන්න හදනවා...

:       10       18

Bandara Saturday, 07 November 2020 09:23 AM

හිලරි කියා කාන්තාවක් පිටුපසින් ඇති. කමලා හැරිස් තව පැත්තකින් ඇති. යුද අපරාධ බොරුවට ඇදබානු ඇති. ලංකාවට නම් තව පව් දෙනවා ඇති.

:       8       34

Akila Saturday, 07 November 2020 12:38 PM

ඇමරිකාවේ තදවර්ණ සමක් තිබෙන අයට අබ සරණයි. වරක් කළු ඇමරිකානුවන්ව ප්‍රෙඩෙටර්ස්ලා කියලා හඳුන්වපු වර්ගවාදියෙක්...

:       6       6

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

වැඩකරන ජනතාවගේ වේදනාකාරී යුගය අවසන්
2025 මැයි මස 01 81 0

වැඩකරන ජනතාව ලෙයින් දහදියෙන් ජීවිත පරිත්‍යාගයෙන් ගමන් කළ වේදනාකාරී ඉතිහාසය නිමා කරමින් ජයග්‍රාහී වර්ෂයක ජනතා රජයක් යටතේ 139 වන ලෝක කම්කරු දිනය සමරන බ


ලස්සන රටක් හදන්න එක්ව පොර බදමු
2025 මැයි මස 01 86 0

“ලස්සන ජීවිතයක් සහ පොහොසත් රටක්” නිර්මාණය කිරීමට සහෝදරත්වයෙන් එක්ව පොර බැඳීමට මෙරට ආදරණීය වැඩකරන ජනතාවට ආරාධනා කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා කම


අද කාලගුණය
2025 මැයි මස 01 88 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චීන කොමියුනිස්ට් දූතයෝ ටිල්වින් හමු වෙති
2025 මැයි මස 01 368 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර අංශයේ විශේෂ නියෝජිතයෝ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද හමු වූහ.


රනිල්ගේ ප්‍රධාන ආරක්ෂක නිලධරයා කන්කසන්තුරයට මාරු කරයි
2025 මැයි මස 01 2705 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි කන්කසන්තුරය පොලි


හිටපු ජනපතීන්ගේ තව තටු කැපේ
2025 මැයි මස 01 1929 0

හිටපු ජනාධිපතිවරුන්ට මෙතෙක් ලබා දී තිබූ දුරකතන හතරෙන් තුනක්ම ඉවත් කර ඇත. මේ අනුව හිටපු ජනාධිපතිවරයකුට දැනට හිමිවන්නේ එක් දුරකථනයක් පමණි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 295 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 81 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1107 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site