IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


මේ ඇමෙරිකාව සුවපත් කරන්න කාලයයි - බයිඩන්

 

අතිශයින් බෙදීමට ලක්ව ඇති ඇමෙරිකාව සුවපත් කිරීමට කාලය එළැඹ ඇතැයි ජයග්‍රහණයෙන් පසු සිය පාක්ෂිකයන් මෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදයේ සියලු දෙනා අමතමින් තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩන් ඩෙලවෙයාර් ජනපදයේ විල්මින්ග්ටන්හිදී ඊයේ (7) පැවැසීය.

තියුණු තරගයකින් පසු වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජයට පත් කරමින් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය ලැබීමට ජෝ බයිඩන් සමත් වූ නමුත් ට්‍රම්ප් පරාජය බාරගැනීම ප්‍රතික්ෂේප කර ඇති අතර ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව ද ප්‍රකාශ කර ඇත. ජනාධිපති ට්‍රම්ප් සහ ඔහුගේ මැතිවරණ කණ්ඩායම මේ වනවිටත් ජනපද කිහිපයක ප්‍රතිඵලවලට එරෙහිව නඩු පවරා ඇත.

දින හතරකට පසු ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය නිකුත් වීමත් සමඟ ඩිමොක්‍රටික් පාක්ෂියෝ ඇමෙරිකාවේ ප්‍රධාන නගරවල වීදිවලට බැස ජය සමරන්නට වූහ.

‘‘මේ රටේ ජනතාව ඔවුන්ගේ හඬ අවදි කරලා. ඔවුන් අපට පැහැදිලි ජයක් ලබා දී තිබෙනවා’’ යැයි තමන් උපන් නගරය වන විල්මින්ග්ටන්හිදී පාක්ෂිකයන් අමතමින් ජෝ බයිඩන් කීය.

ජනාධිපති ලෙස රට තුළ විනයක් ඇති කරමින් රට එක්සත් කර බවත් ‘කොවිඩ්-19’ වසංගතයෙන් රට මුදාගැනීම සඳහා පියවර ගන්නා බවටත් ජෝ බයිඩන් එහිදි ප්‍රතිඥා දුන්නේ ය. ආර්ථිකය ගොඩනගමින් සෞභාග්‍ය සඳහා ගෙන යන බවත් ඇමෙරිකානු පවුල් සඳහා සුරක්ෂිත සුව සේවයක් සපයන බවත් හෙතෙම එහිදි අවධාරණය කළේය. ඇමෙරිකාව තුළ තිබෙන ව්‍යුහගත වර්ගවාදය මුලිනුපුටා දමන බව ද බයිඩන් මෙහිදි කීය.

කෙසේ නමුත් බයිඩන් සිය කතාවේදී ට්‍රම්ප්ට ඇමතීමක් නොකළ අතර එසේ වුවත් ඔහුට ඡන්දය දුන් මිලියන 70 ක පිරිස ආමන්ත්‍රණය කළේය. ට්‍රම්ප්ට ඡන්දය දුන් ඇතැම් පිරිස් ජනාධිපතිවරණ ප්‍රතිඵලයට විරෝධය පළ කරමින් සෙනසුරාදා දිනයේදී වීදිවලට පැමිණ විරෝධතාවල නිරත වූහ.

‘‘ජනාධිපති ට්‍රම්ප්ට ඡන්දය දුන් සියලු දෙනා වෙත, ඔබේ කනස්සල්ල හා කනගාටුව මට තේරුම් ගන්න පුළුවන්. මාත් අවස්ථා කිහිපයකදී පරාජය අත්විඳ තිබෙනවා. එහෙත් දැන්, අපි එකිනෙකාට අවස්ථාවක් දෙමු. කඨෝර වචන පැත්තකට දාන්න කාලය ඇවිල්ලා. දැඩි බව අඩු කරමු. එකිනෙකා දෙස බලමු. නැවත වරක් එකිනෙකාට සවන් දෙමු’’ යැයි බයිඩන් කීය.

‘‘මේ ඇමෙරිකාව සුවපත් කරන්න කාලය’’ යැයි ද බයිඩන් පැවැසීය.

බයිඩන් සිය කතාවේදී කළු ජාතික ඡන්ද දායකයන්ට ද ස්තූති කළේය. තමන් වැටෙන අවස්ථාවලදී නැගිටින්නට අප්‍රිකානු-ඇමෙරිකානු ප්‍රජාව තමන්ට සහාය දුන් බව ද හෙතෙම සිහිපත් කළේය. ‘‘ඔවුන් සෑම විටම මා සමඟ සිටියා. මාත් සෑම විටම ඔබ සමඟ සිටිනවා’’ යැයි ඔහු කීය.

බයිඩන් වේදිකාවට හඳුන්වා දුන්නේ ඔහුගේ ජනාධිපතිවරණ සටන් සගයා වූ කමලා හැරිස් ය. ඇමෙරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපති ධුරයට පත් පළමු කාන්තාව, පළමු කළු ජාතිකයා මෙන්ම පළමු ඇමෙරිකානු සහ ආසියානු සම්භවයක් ඇති පුද්ගලයා වන්නේ ද කමලා හැරිස් ය.

‘‘මෙය ජෝගේ චරිතය පිළිබඳ සාක්ෂියක්. අපේ ඉතිහාසයේ කාලයක් මුළුල්ලේ පැවැති ප්‍රධාන බාධකයක් කඩා බිඳ ඉවත් කරමින් ඔහු උප ජනාධිපතිධුරයට කාන්තාවක් තෝරාගත්තා. එය කොතරම් නිර්භීත කමක් ද’’ යැයි කමලා කීවාය.

ජනාධිපතිවරණ ප්‍රතිඵලය නිකුත් වෙද්දි ජනාධිපති ට්‍රම්ප් ගොල්ෆ් ක්‍රීඩාවේ නිරත වෙමින් සිටියේය. ඇමෙරිකාවේ ප්‍රධාන පුවත් සේවා බයිඩන් ජයග්‍රහණය කර ඇතැයි නිවේදනය කළ විගස ජනාධිපති ට්‍රම්ප් ඊට ප්‍රතිචාර දැක්වීය. බයිඩන් වැරැදි සහගත ලෙස ඔහු ජනාධිපති ලෙස ප්‍රකාශ කර ඇතැයි ට්‍රම්ප් චෝදනා කළේය.

‘‘ජනාධිපතිවරණය තවමත් අවසන් නැහැ’’ යැයි ඔහු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ජනාධිපතිවරණයේදී මැතිවරණ වංචා සිදුව ඇතැයි ට්‍රම්ප් චෝදනා කළ ද ඔහු මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නැත.

ඒ.එෆ්.පී./රොයිටර්ස්

055



අදහස් (1)

මේ ඇමෙරිකාව සුවපත් කරන්න කාලයයි - බයිඩන්

gunapaala Monday, 09 November 2020 08:27 AM

අපිත් අලුත් ජනාධිපති කෙනෙක් තෝරාගමුද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 711 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2379 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1744 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site