
ඇමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදය විහිලුවක් බවට පත්ව ඇතැයි චීන මාධ්‍ය වාර්තා කරයි.
චීනය තුළ ක්‍රියාත්මක මාධ්‍ය සියල්ලම පාහේ එරට කොමියුනිස්ට් පක්ෂයට අයත් වන අතර මෙම මාධ්‍ය රැසක් ඇමෙරිකාවේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ප්‍රමාද වීමෙන් සතුටක් ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
‘‘බලාපොරොත්තුවක් නැති ඇමෙරිකාව’’ යැයි චීනයේ ෂිංහුවා පුවත් සේවයේ ලිපියක් පළ වී තිබිණි.
‘‘ඇමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදය විහිළුවක් බවට පත්වෙලා’’ යැයි චීනයේ සහාය ලබන තා කුන්ග් පාඕ පුවත්පත වාර්තා කර තිබිණි.
‘‘නිකං සංවර්ධනය වෙන රටක් වගේ’’ යැයි චීන කොමියුනිස්ට් පක්ෂයේ නිල පුවත්පත ලෙස සැලකෙන ‘ද ග්ලෝබල් ටයිම්ස්’ පුවත් වාර්තා කර තිබිණි.
ලොව වඩාත් බලවත්ම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය තුළ ප්‍රචණ්ඩත්වය උත්සන්න වෙමින් තිබෙන අදහස දැක්වෙන අයුරු එම පුවත්පත ඇමෙරිකානු ජනාධිපතිවරණය පිළිබඳ පුවත් වාර්තා කර තිබිණි.
ඒ.එෆ්.පී/රොයිටර්
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසූචි බාල්දියක් හිස මත හලාගත් පුද්ගලයකු සිනහ වීම. ප්‍රජාත්‍රන්ත්‍රවාදය චීනයේ හීනෙන්වත් නැත.