
පසුගිය සෙනසුරාදා (30) තුර්කියේ ඇතිවූ භූ කම්පනය හේතුවෙන් කඩාවැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් අතර සිරවී සිටි කුඩා දැරියක පණපිටින් බේරාගැනීමට සමත් වී තිබේ.
තුන් හැවිරිදි මෙම දැරිය බේරාගෙන ඇත්තේ භූ කම්පනය සිදුවීමෙන් පැය 65 කට පමණ පසුවය.
බේරාගන්නා අවස්ථාවේ දැරිය විජලන තත්ත්වයකින් පසුවූ නමුත් බරපතල තුවාල නොතිබුණු බව ඇය මුදවාගත් කණ්ඩායම පවසයි.
රෝහලට ගෙනයන අවස්ථාවේ ඇය ස්වේච්ඡා සේවකයාගේ අතේ මහපට ඇඟිල්ලේ එල්ලී සිටි බව මාධ්‍ය වාර්තාකර ඇත.
ඒජියන් මුහුදේ සිදුවූ එම භූ කම්පනය හේතුවෙන් තුර්කියේ හා ග්‍රීසියේ 85 දෙනකු මියගොස් ඇතැයි මේ වනවිට තහවුරුකර තිබේ.
තවත් බොහෝ පිරිසක් අතුරුදන්ව ඇති බව බලධාරීහු පවසති.
බීබීසී ඇසුරිණි
085

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd