
ජපාන අධිරාජ්‍ය නරුහිතෝ කුමරුගේ සහෝදරයා වන ෆුමිහිටෝ කුමරු ටෝකියෝ නුවර පැවති උත්සවයකදී සිංහාසනයේ උරුමක්කරු ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.
"ර්කෝෂී නො රී" ලෙස හැඳින්වෙන මෙම උත්සවය කොරෝනා ව්‍යාප්ත වීම හේතුවෙන් මාස හතක් ප්‍රමාද වී පැවැත්විණ.
එය අධිරාජ්‍යයාගේ පවුලේ සාමාජිකයින් සහ අමුත්තන් 46කගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු අතර වැඩි දෙනකු මුහුණු ආවරණ පැළඳ සිටි බවත් දුරසථ භාවය තබාගෙන සිටි බවත් කියෝඩො ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි.
පියාවූ අකිහිතෝ අධිරාජ්‍යයා ධූරයෙන් ඉවත් වීමෙන් පසු 2019 වසරේදී රාජ්‍යත්වයට පත්වූ නරුහිතෝ කුමරු ෆුමිහිටෝ කුමරුට වඩා වසර හයකින් වැඩිමල්ය.
නරුහිතෝ අධිරාජ්‍යයාට පුතුන් නොමැති අතර දියණියට සිංහාසනයේ උරුමය තහනම් කර ඇත.
රජ පෙළපතේ තෙවන උරුමක්කරුවා ෆුමිහිටෝ කුමරුගේ පුත්‍රයා ය.
බීබීසී ඇසුරිණි
085
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd