
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණ දිනයට පෙර මිලියන 95 කට වැඩි පිරිසක් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි එරට ෆ්ලෝරීඩා විශ්වවිද්‍යාලයේ ඇමෙරිකානු ජනාධිපතිවරණ ව්‍යාපෘතිය සඳහන් කරයි.
ඡන්ද දායකයන්ගේ සහභාගීත්වය වැඩි කිරීමේ අරමුණින් මෙලෙස කලින් ඡන්දය ප්‍රකාශ කිරීමට බොහෝ රටවල් එරට ඡන්ද දායකයන්ට අවස්ථාව සලසා දෙන අතර ඇමෙරිකාව තුළ ද එම ක්‍රමය ක්‍රියාත්මක වේ. කලින් ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදය අනුව තැපෑල මඟින් හෝ ඡන්ද පොළට හෝ ගොස් ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද දායකයන්ට අවස්ථාව ලැබේ.
ඇමෙරිකා එක්සත් ජනපදයේ මීළඟ ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම මේ වනවිට ඇරැඹී තිබෙන අතර ඡන්ද දිනය අදට (3) යෙදී තිබේ. එනම් ඇමෙරිකානු ජනාධිපතිවරණය අද (3) දිනයේදී පැවැත්වේ.
ඒ අනුව අවසන් ජනාධිපතිවරණයේදී ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශයෙන් සියයට 69කට සමාන පිරිසක් මේ වනවිටත් ඡන්දය ප්‍රකාශ කර ඇත.
ඡන්දය පැවැත්වෙන දිනට පෙර තැපෑල මඟින් සහ ඡන්ද පොළට ගිහින් ඡන්දය ප්‍රකාශ කරන්නන්ගේ ගණන වැඩිවීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ නව කොරෝනා වයිරස වසංගතයයි. නව කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ 230,000කට වැඩි පිරිසකට මේ වනවිට නව කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙන එරට සෑම ප්‍රාන්තයකින්ම පාහේ දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ ගණන ඉහළ ගොස් තිබේ.
‘කොවිඩ්-19’ නව කොරෝනා වයිරසය නිසි පාලනය නොකළේ යැයි ට්‍රම්ප් පරිපාලනයට දැඩි විවේචන එල්ල වී තිබේ.
ඇමෙරිකාවේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෙවැනි හා අවසන් ධුර කාලය සඳහා රිපබ්ලික්න පක්ෂය නියෝජනය කරමින් මෙවර ජනාධිපතිවරණයට තරග කරයි. ඔහුගේ ප්‍රතිවාදියා වන්නේ ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂක ජෝ බයිඩන් ය. බැරැක් ඔබාමා ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හොබවන සමයේ එරට උප ජනාධිපති ධුරය හෙබවූයේ ජෝ බයිඩන් ය.
ජනාධිපතිවරණයට පෙර ජාතික මට්ටමින් කරන ලද මත විමසුම්වලදී ඉදිරියෙන් පසුවීමට ජෝ බයිඩන් සමත් විය. රොයිටර්ස් පුවත් ආයතනය ඔක්තෝබර් 27 වැනිදා සිට 29 වැනිදා දක්වා කරන මත විමසුමෙන් සියයට 51කට සියයට 43ක් ලෙස ඉදිරියෙන් සිටීම ට ද ජෝ බයිඩන් සමත් විය.
කෙසේ නමුත් ඇමෙරිකානු ජනාධිපතිවරණ සටන උණුසුම් වෙමින් එකිනෙකාට වාස හා අවාසි ගෙන දෙමින් ඉදිරියට යමින් තිබේ. ඇරිසෝනා, ෆ්ලෝරීඩා සහ උතුරු කැරොලිනාව යනු ඇමෙරිකාවේ තීරණාත්මක ඡන්ද සටන් බිම් හා ප්‍රාන්ත ය. ජනාධිපතිවරණ ප්‍රතිඵලයට මේවායේ තීරණය දැඩි ලෙස බලපෑම් කරයි.
රොයිටර්
055
2025 නොවැම්බර් මස 04
711
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2379
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1744
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමෙරිකාවේ ජනපතිවරණයට පෙර මිලියන 95 ක් ඡන්දය ප්‍රකාශ කරලා