ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේ මේ වනවිට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව මැතිවරණ ගණ (ඡන්ද සමූහ) 209 ක බලය තහවුරු කරගැනීමට හිටපු උප ජනාධිපති සහ ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් සමත්ව ඇත.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරයට පත්වීමට නම් ඉලෙක්ටෝරල් කොලේජ් යන ඉංග්‍රීසි වදනින් හඳුන්වන මැතිවරණ ගණ (ඡන්ද සමූහ) 270ක බලහ හිමි කරගත යුතුය. ඇමෙරිකානු මැතිවරණ ක්‍රමය තුළ තිබෙන සමස්ත මැතිවරණ ගණ (ඡන්ද සමූහ) ගණන 538කි.
ඇමෙරිකාවේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වනවිට හිමි කරගෙන ඇති ඡන්ද සමූහ ගණන 118කි.
ඇමෙරිකානු ජනාධිපතිවරණවල ප්‍රධාන සටන්බිම් ලෙස සැලෙකන උතුරු කැරොලිනා, ෆ්ලෝරීඩා, ජෝර්ජියා සහ පෙන්සිල්වේනියා යන ප්‍රාන්තවල අවසන් නිල ප්‍රතිඵල තවමත් නිකුත් වී නැත.
මිචිගන්, විස්කොන්සින් සහ පෙන්සිල්වේනියා යන ප්‍රාන්තවල ජයග්‍රහාකයන් කවුදැයි අද (4) නිකුත් කරන බව එම ප්‍රාන්ත බලධාරීහු කීහ. මෙම ප්‍රාන්තවල ඡන්ද ගණනය කිරීමට වැඩි කාලයක් ගතවනු ඇතැයි ද පැවසේ.
ඒ.එෆ්.පී./රොයිටර්
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට නම් ඉතින් එදා කිව්ව වගේ ඒ අයත් එකයි, මේ අයත් එකයි.
ට්‍රම්ප් දිනනවා
ඉක්මණින්ම ඇමෙරිකාවෙ අවසානය ළගාවනු ඇත. ජෝ බයිඩන් යනු මිනීමරු කොටි හිතවාදී හිලරි සහ චීනයේ කොමියුනිස්ට් නායකයින්ගේ පදයට නැටවෙන රූකඩයකි. සාම්ප්‍රදායික ඇමෙරිකානුවන්ගේ මළගම ළගයි.
මහා අවුලක්නේ මේක.
ඇමෙරිකාවට වෙන්නේ 2015 මෙහේ උන දේ තමා... තව අවුරුදු 4 ආපහු මිනිස්සු ට්‍රම්ප් ඉල්ලයි. බලන්න බොරුද කියලා...
කළින් හිටි ජනපති නලුවා ඔබාමා විසින් ඇමෙරිකාව මැදිහත් වෙලා ලොව පුරා ඇතිකළ යුද්ධ 5ක් නවත්වලා මිනිස් ජීවිත ගණනාවක් ඛෙරන්න ප්‍රතිපත්තිමය තීරණ ගත්තු හොද මිනිහෙකු පහතට දමලා, අර යුද්ධය පටන් ගත්තු ඔබාමාගේ පක්ෂයේ ආශිර්වාද ලබන ජෝ බයිඩන්ට ඡන්දෙ දීලා ඇමෙරිකානු මෝඩයන් කරගත්ත හරිය ඉස්සරහට පෙනෙයි.
ඇමරිකාවටත් වෙන්නේ ලංකාවේ වගේ තමයි.