IMG-LOGO

කොරෝනා බෝකළැයි ඩෙන්මාර්කය මින්ක් මුගටියන් මරයි

 


ඩෙන්මාර්කයේ, ලොම් ලබාගැනීම සඳහා ඇති කරන මුගටි විශේෂයකින් කොරෝනා වයිරසය මිනිසුන්ට බෝ වීමේ අවදානමක් පවතින බව එරට පර්යේෂකයන් පිරිසක් විසින් සොයාගෙන තිබේ.

බෝවන රෝග පිළිබඳ කටයුතු කරන ඩෙන්මාර්ක් රාජ්‍ය ආයතනය මෙම පර්යේෂණය සිදුකර ඇති අතර ඔවුන් සොයාගෙන ඇත්තේ පසුගිය ජුනි මාසයේ සිට මේ දක්වා පුද්ගලයින් 214 දෙනකුට එලෙස මුගටින්ගෙන් බෝවන කොරෝනා ආසාදනය වී ඇති බවයි.

මුගටියන් තුළ දක්නට ලැබුණු කිරීටක වයිරසයේ එක් විකෘති ප්‍රභේදයක් පුද්ගලයන් 12 දෙනකුගෙන් සොයාගැනීමට හැකිවූ බවද ඔවුහු පවසති. මෙම ප්‍රභේදය මුගටි ගොවිපල 5ක් ආශ්‍රිතව දක්නට ලැබී ඇත.

සෞඛ්‍ය අමාත්‍ය මැග්නස් හියුනික් මහතා පවසා සිටියේ උතුරු ඩෙන්මාර්කයේ කොරෝනා ආසාදිත පුද්ගයන් 783කින් භාගයකටම මුගටියන්ගෙන් කොරෝනා වයිරසය නැවත බෝවී ඇති බවයි.මේ සම්බන්දව අදහස් දක්වමින් ඩෙන්මාර්ක අග්‍රාමාත්‍ය මැටී ෆෙඩ්‍ර්ක්සන් මෙසේ පැවසීය,

"එය ඉතා බරපතලයි, මේ අනුව පැහැදිලි වන්නේ මුගටින් තුළ ඇති විකෘති වයිරසය ලෙව පුරා විනාශකාරී ප්‍රතිවිපාක ගෙනදිය හැකි බවයි."

ඩෙන්මාර්කයේ ආහාර අමාත්‍ය මොජන්ස් ජෙන්සක් පැවසූයේ ගොවිපල 207ක් ආශ්‍රිතව ආසාදිත සතුන් දක්නට ලැබෙන බවයි.මේ හේතුවෙන් ඩෙන්මාර්කය පුරා ගොවිපලවල සිටින මින්ක් ලෙස හැඳින්වෙන මෙම මුගටි රංචු මරා දැමීමට සිදුවී ඇතැයි වාර්තා වේ.ඒ අනුව මුගටි වර්ගයේ සතුන් මිලියන පහක් පමණ මරා දැමීමට කටයුතු කරන බව ඩෙන්මාර්ක රජය පවසයි.ලෝක සෞඛය සංවිධානය ද මේ සම්බන්දව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ඩෙන්මාර්කය ලෝකයේ ප්‍රධාන ලොම් අපනයනකරුවෙකි. එහි අපනයන වලින් වැඩි ප්‍රමාණයක් මිලදී ගන්නේ චීනයයි.

ඩෙන්මාර්කයේ මේවනවිට කොරෝනා ආසාදිතයන් 52,265ක් වාර්තා වන අතර මරණ733ක් සිදුවී තිබේ.
 
(විදෙස් මාධ්‍ය ඇසුරිණි - 085)

 



අදහස් (0)

කොරෝනා බෝකළැයි ඩෙන්මාර්කය මින්ක් මුගටියන් මරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 16 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 11 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 661 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site