
ඔස්ට්‍රියාවේ වියානා නගරයේ, සන්නද්ධ තුවක්කුකරුවන් පිරිසක් විසින් ස්ථාන හයකදී සිදුකළ වෙඩිතැබීම් වලින් දෙදෙනකු මියගොස් බොහෝදෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
වියනා පොලිසිය පවසන්නේ තුවක්කුකරුවෙකු ද මියගොස් ඇති බවයි.
පළමු ප්‍රහාරය වියනාහි ප්‍රධාන විහාරස්ථානය වන සයිටෙන්ටෙටෙන්ගාස් අසලදී ආරම්භ වී තිබේ.
ඒ වනවිට පන්සල වසා තිබුණු අතර වෙඩි තැබීම් සිදුවන විට මිනිසුන් වීථි දිගේ දිවගිය ආකාරය මාධ්‍ය වාර්තා කර ඇත.
වෙඩිතැබීමෙන් එක් අයෙකු එම ස්ථානයේම මියගොස් ඇති අතර තුවාල ලැබූ කාන්තාවක රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබේ. නගරාධිපති මයිකල් ලුඩ්විග් පවසන්නේ තුවාල ලැබූ 14දෙනකුගේ තත්ත්වය බරපතල බවයි.
පොලිස් නිලධාරියෙකු ද තුවාල ලබා ඇත.
කොරෝනා ව්‍යාප්තිය මැඩපැවැත්වීම සඳහා රටපුරු සීමාවන් පැනවීමට පැය කිහිපයකට පෙර මෙම ප්‍රහාර ආරම්භවී තිබේ. එම අවස්ථාවේ බොහෝ පිරිස් බාර් අවන්හල් වල පිරී සිටි බව පැවසේ.
මේවනවිට ඒවා නොවැම්බර් අග දක්වා වසා දමා ඇත.
එය "පිළිකුල සහගත ත්‍රස්ත ප්‍රහාරයක්" බව ඔස්ට්‍රියානු චාන්සලර් සෙබස්තියන් කෲස් පවසයි.
යුරෝපීය නායකයින් ප්‍රහාරය හෙලා දකිමින් ප්‍රකාශ නිකුත් කර තිබේ. බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පවසා ඇත්තේ දරුණු ප්‍රහාරයෙන් තමන් දැඩි කම්පනයට පත්වූ බවයි.
(බීබීසී ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
711
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2379
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1744
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වියානා නුවර ත්‍රස්ත ප්‍රහාරයක් - දෙදෙනකු මරුට
Rata Perata Tuesday, 03 November 2020 07:02 AM
ඉස්ලාම් ත්‍රස්තවාදය ලෝකෙන් අතුගා දැමිය යුතුයි. ශිෂ්ඨ සම්පන්න ඉස්ලාම්වරුන් මෙවැනි ක්‍රියා හෙළා දැකිය යුතුයි. මොකද එයට අනුබල දීමක් වන නිසා.