IMG-LOGO

ඩෙන්මාර්ක සංචාරකයින්ට බ්‍රිතාන්‍යයට ඇතුළුවීම තහනම් කරයි



ඩෙන්මාර්කයේ මින්ක් ගොවිපලවල කොරෝනා වයිරසය පැතිරීම හේතුවෙන් ඩෙන්මාර්ක සංචාරකයින්ට බ්‍රිතාන්‍යයට ඇතුළුවීම වහාම තහනම් කිරීමට බ්‍රිතාන්‍ය බලධාරීහු අද (07) පියවර ගත්හ.

විකෘතිවූ කොරෝනා වයිරසයක් ‘මින්ක්‘නම් මුගටි වර්ගයේ සතුන් මගින් මිනිසුන්ට ආසාදනය වී ඇති බව ඩෙන්මාර්ක බලධාරින් විසින් සොයාගැනීමෙන් පසුව ඩෙන්මාර්කයේ දැඩි අගුලු දැමීමේ නීති ක්‍රියාත්මක කෙරුණු අතර ගොවිපලවල මින්ක් සතුන් ඝාතනය කිරීමට නියෝග කෙරිනි.

බ්‍රිතාන්‍යය පෙරේදා (05) නිවේදනය කළේ ඩෙන්මාර්කයෙන් පැමිණෙන සියලුම සංචාරකයන් ස්වයං හුදකලා වියයුතු බවයි.

නමුත් ඩෙන්මාර්ක බලධාරින්ගෙන් වැඩිදුර තොරතුරු වාර්තා වීමෙන් පසු ඩෙන්මාර්කයේ සිට පැමිණෙන අමුත්තන්ට එක්සත් රාජධානියට ඇතුළුවීමට අවසර නොලැබෙන බව බ්‍රිතාන්‍ය ප්‍රවාහන අමාත්‍ය ග්‍රාන්ට් ෂැප්ස් පවසා ඇත.

ඩෙන්මාර්කය හරහා සංක්‍රමණය වන බ්‍රිතාන්‍ය ජාතික නොවන සියලුම සංචාරකයින්ට මෙම නීතිය අදාල වේ.

තහනම සතියකට පසු සමාලෝචනය කරන බවද එහි සඳහන් වී තිබේ.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

ඩෙන්මාර්ක සංචාරකයින්ට බ්‍රිතාන්‍යයට ඇතුළුවීම තහනම් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 11 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 10 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 660 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site