IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඩුබායි පාලකයා කොරෝනා මර්දන එන්නතක් ලබාගනී

 

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අග්‍රාමාත්‍යවරයා හා උප ජනාධිපතිවරයා වන ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටුම් නව කොරෝනා වයිරසය මර්දනය කිරීම සඳහා මේ වනවිට පරීක්ෂණ මට්ටමේ පවතින එන්නතක් ලබාගෙන ඇත.
 
ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටුම් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි අගනුවර පාලකයා ද වේ. මීට පෙර ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිලධාරීන් කිහිපදෙනකු පරීක්ෂණ මට්ටමේ පැවැති එන්නත් ලබාගෙන තිබිණි.
 
එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද මේ වනවිට නව කොරෝනා වයිරසය මර්දනය කිරීම සඳහා සොයාගන්නා ලද එන්නත් සංවර්ධනය කරමින් සිටින අතර එන්නත් දෙකක් මේ වනවිට සායනික මට්ටමේ පරීක්ෂණ සඳහා යොමු කර ඇත. 
 
ඉන් එකක් චීනයේ දැවැන්ත ඖෂධ සමාගමක් වන සිනෝෆාම් හි නිෂ්පාදිත එන්නතක් වන අතර අනෙක රුසියාවේ නිෂ්පාදිත එන්නතකි. රුසියාවේ නිෂ්පාදිත එම එන්නත ස්පුට්නික්-V යනුවෙන් නම් කර ඇත. ස්පුට්නික්-V යනු සෝවියට් සමයේ චන්ද්‍රිකාවකට යෙදූ නමකි.
 
.එෆ්.පී./රොයිටර්

055



අදහස් (0)

ඩුබායි පාලකයා කොරෝනා මර්දන එන්නතක් ලබාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 711 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2378 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1744 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site