ජනාධිපතිවරණයෙන් ඇමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ යථාර් ථය අනාවරණය වී ඇතැයි ඉරානයේ උත්තරීතර නායකයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.
 
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනපද අවසන් ප්‍රතිඵල තවම නිකුත් වී නොමැති අතර ජයග්‍රහකයකු ද නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන නැත.
 
‘‘කොරතම් අපූරුවක් ද ?’’ යනුවෙන් විමසමින් ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා අලී කමේනි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.
 
‘‘ඇමෙරිකානු ඉතිහාසයේ වඩාත් දූෂිතම මැතිවරණය. කවුද එහෙම කියන්නේ? ඇමෙරිකාවේ වත්මන් ජනාධිපතිවරයා’’ යැයි ද එහි දැක්විණි.
 
‘‘ට්‍රම්ප් මැතිවරණ වංචා කරන්න හදනවා යැයි ඔහුගේ ප්‍රතිවාදීන් කියනවා. මේ තමයි ඇමෙරිකාවේ මැතිවරණ. මේ තමයි ඇමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය’’ යැයි ඉරානයේ උත්තරීතර නායකයා කීය.